කොවිඩ් නීති කැඩූ පිරිස් කොළඹදීත් ඔසවාගෙන ගිය හැටි (VIDEO)

0

නිරෝධායන රීති කඩ  කරන පිරිස් සොයා කොළඹ ස්ථාන රැසක අද (07) දිනයේ මෙහෙයුම් ක්‍රියාත්මක විය.

ඒ බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි ය.

කොටුව දුම්රියපොළ, කොටුව ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය,මල්වත්ත පාර හා ගාලුමුවදොර ආශ්‍රිතව එම මෙහෙයුම් ක්‍රියාත්මක විය.

මුහුණු ආවරණ නොමැතිව සහ මුහුණු ආවරණ නිසියාකාරව නොපැළඳ මාර්ගවල ගමන්ගත් පිරිස් වැඩි වශයෙන් එහිදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණි.

නිරෝධායන රීති කඩ කරමින් යතුරුපැදිවල ගමන් ගත් පිරිස් සහ බස්රථවල ගමන් ගත් පිරිස් අත්අඩංගුව ගෙන තිබුණේ වීඩියෝ සාක්ෂි ද සහිතවය.

පොලීසිය සඳහන් කළේ එම පිරිස් අතරින් දැඩි ලෙස නිරෝධායන රීති කඩ කර තිබෙන පිරිස් සඳහා නඩු පැවරීමට කටයුතු කරන බවය.

සෙසු පිරිසට අවවාද කර මුදා හැරීමට කටයුතු කර තිබේ.

යාපනය පොලීසිය විසින් ද ඊයේ දිනයේ එලෙස සෞඛ්‍ය උපදෙස් කඩකළ පුද්ගලයින් සිය භාරයට ගෙන තිබුණි.

මෙලෙස කොවිඩ් නීති නිසි ලෙස පිළි නොපදින පුද්ගලයින් පොලීසියෙන් රැගෙන යාම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ දැඩි ප්‍රසංසාවට ලක් වී තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here