කරාපිටියේ දොස්තරගේ කරල බොරුවක්… විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම කියයි

0

කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයකු විසින් හඳුන්වා දී ඇතැයි කියන කොරෝනා රෝගය සඳහා වන කරල කිසිදු ප‍්‍රතිඵලයක් නැතැයි කොළඹ අයි. ඞී. එච්. රෝහලේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම මහතා ‘දිවයින’ට ඊයේ (07 දා) පැවසීය.

ඖෂධයක් සොයා ගත්තේ නම් එය තහවුරු කරන ක‍්‍රමවේදයක් පවතින බවත් එම ක‍්‍රමවේදයෙන් බාහිරව සොයාගත් බව කියන ඖෂධයක්
රෝගීන්ට ලබා දීම නොකළ යුතු බවත් ඒ මහතා කීය.

ආයුර්වේදය සමග එන ඖෂධ පවතින නමුත් දැන් සිදුවන්නේ ව්‍යාපාරයක් ලෙස ඇතැමුන් තහවුරු නොකළ ඖෂධ අලෙවි කිරීම සිදුකරගෙන යෑමක් යැයි පෙනී ගොස් ඇතැයි ද විජේවික‍්‍රම මහතා පැවසීය.

කොරෝනා වෛරසයට එරෙහිව ඖෂධ සොයා ගත් බවට ඇතැමුන් ප‍්‍රකාශ කිරීමෙන් පසු ඇතැම් මාධ්‍ය පවා ඒවාට සොයා බැලීමක් නොකර සහාය දක්වමින් සිටීම ක නගාටුවට කරුණක් බවද කී විජේවික‍්‍රම මහතා අදාළ වෛද්‍යවරයා විසින් ගෙන යන ප‍්‍රචාර සම්පූර්ණයෙන්ම බොරුවක් බව ද වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here