බඩගින්නට කාඩ්බෝඩ් ගිලින කල්පිටියේ බූරුවෝ

0

කල්පිටිය අර්ධද්වීපයට ආවේණික වූ සත්ත්ව කොට්ඨාසයක් වන බූරුවන්ට අතීතයේ හිමිව තිබුණේ සුවිශේෂී ප්‍රමුඛස්ථානයකි.

ඔවුන් උපයෝගි කර ගනිමින් එවකට ලුණු තවලම් ගෙන යෑම සේම පොල් වතුවල කුරුමිණියන් පලවා හැරීමට එම සතුන්ගෙන් මනා දායකත්වයක් ලැබිණි.

පසුකාලීනව කල්පිටිය ජනාකීර්ණ වීමත් සමඟ ඔවුන්ට අවශ්‍ය ආහාර වන ස්වාභාවික තෘණ භූමි සතු ඉඩම් මිනිසුන් විසින් අත්පත් කර ගැනීමත් අනවසර ලුණු ලේවා සේම ඉස්සන් වගා පොකුණු ඉවක් බවක් නැතිව ඉදි කිරීම හේතුවෙන් බූරුවන් උග්‍ර ආහාර හිඟයකට මුහුණ පා සිටී.

ඒ අනුව අද වන විට බූරුවන් කාඩ්බෝඩ්, කඩදාසි, පොලිතීන් ආදිය ආහාරයට ගැනීම හේතුවෙන් මේ වන විට ශීඝ්‍රයෙන් ම රණයට පත්වීමේ දැඩි අවදානමකට ලක්ව ඇත.

තවද ඔවුන් සංරක්ෂණය කළ යුතුව තිබියදී ඔවුන්ව අයාලේ හැර තිබීම හේතුවෙන් දිනෙන් දින රිය අ නතුරුවලට ලක්ව මි ය යෑමේ ප්‍රවණතාවක්ද දක්නට ලැබේ.

නුදුරේදී මෙලෙස බූරුවන්ට සිදු වන අකටයුතුකම් හේතුවෙන් කල්පිටිය අර්ධද්වීපයෙන් බූරුවන් වඳ වී යෑමේ ත ර්ජනයකට ලක්ව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here