තවත් ගැබිණි මවක් කොවිඩ් වලින් ජීවිතක්ෂයට.

0

කරාපිටිය ශික්ෂණ රෝහලේ එක්මෝ ප්‍රතිකාර සඳහා යොමුකර සිටි කොරෝනා ආසාදිත ගැබිනි මාතාවක අද (09දා) සවස මි ය ගිය බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මුල්ලේරියාව රෝහලේ සිට අසාධ්‍ය තත්වයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට
ගෙනවිත් එමෝ ප්‍රතිකාර සඳහා යොමු කළ ද මවගේ හෝ දරුවාගේ ජීවිත බේරාගැනීමට නොහැකි වූ බව වෛද්‍යවරු පවසති.

44 වැනි වියේ පසුවූ මෙම කාන්තාව දරුවකු නොමැතිවීම හේතුවෙන් නල දරු ක්‍රමයෙන් දරු ගැබක හිමිකාරියක වූවාය.

කොරෝනා ආසාදනය වී කරාපිටිය ශික්ෂණ රෝහලට යොමුකර ඒමෝ ප්‍රතිකාරයට යොමුකර සිටිය දී සිහි මුර්ජා තත්වයෙන් ම ඇය මීට දින කිහිපයකට පෙර ම ළ දරු උපතක් සිදුකළාය.

කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් පවසන්නේ මෙම කාන්තාව දින6 පමණ එක්කෝ යන්ත්‍රයේ උපකාරයෙන් ප්‍රතිකාර ලැබූ බවයි.එසේ වුව ද වෛරසයේ බලපෑමෙන් ඇයගේ මොළය ඉදිමීමේ තත්වයක් දක්නට ලැබුණු බව ඔවුහු පවසති.

(Ada-අද )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here