අලුත් පෙරලියක්ද ?හරීන් මේ දවස්වල රනිල් ගැන පොත් කියවයි.

0

ආණ්ඩු පක්ෂයේ සමහර අය බොරු චෝදනා නගනවා හරීන් බොරුවට හැංගිලා ඉන්නවා කියලා. ඒ වුණාට හරින් ගේ රිපෝට් ටික දැක්කහම මං උඩ ගියා. ඔය ගොල්ල වුණත් යාළුවා නිසා නිතර නිතර යන්න එපා හමුවෙන්න.එයාට ඕන විවේකය. ඔයගොල්ලො ගිහිල්ලා කතා කර කර භාෂාව දානකොට එයාගෙ විවේකයයි අඩුවෙන්නේ.

මොන විවේකයක් ද හරින් පොත් කියවනවලූ. හර්ෂණ කීවේය.

නෑ ඒකෙ ප‍්‍රශ්නයක් නෑ, පොත් කියවන එකත් හොඳ දෙයක්.රංජිත් මද්දුම බණ්ඩාර කීවේය.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ් සභාපති වජිර අබේවර්ධන තවත් හිතවත් මිත‍්‍රයෙක් බලන්නට නවලෝක රෝහලට ගියේ ය.එජාප නායක රනිල් වජිරට දුරකථන ඇමතුමක් ගත්තේ ඒ මොහොතේය.

මම මේ වෙලාවේ සර් අඳුනන ලෙඩ්ඩු දෙන්නෙක් බලන්න නවලෝක රෝහලට ආවාමේ ඉන්නවා කවුද කියලා බලන්නකෝ.

රනිල් හලෝ කියන විට මේ පැත්තෙන් ඇමතුවේ හරින් ප‍්‍රනාන්දුය.හරින්ට ද රනිල්ට කතා කරන්නට අවශ්‍ය වී තිබිණි.ඒ වුවමනාව රනිල්ට ද තිබුණි.ඒ නිසා දෙදෙනා සැලකිය යුතු වේලාවක් දුරකථනයෙන් කතා කරනු දැක ගත හැකි විය.

හරින්ට ඉතාම සියුම් ශල්‍ය කර්මයක් කරලයි තියෙන්නේ. මම වෛද්‍යවරුන් ගෙන් විමසා බැලූවා.ඒක නිසා වෛද්‍යවරු කියන දේ ඇරෙන්න වෙන බක පණ්ඩිත කම් එහෙම කරන්න යනවා නෙවෙයි.

එසේ දැඩි අවවාදයක් කරමින් රනිල් දුරකථනය විසන්ධි කළේය.

මේ අතර වෛද්‍යවරු හරින්ට කියවන්නට පොත් කීපයක් නිර්දේශ කර ගෙනවිත් දී තිබිණි.ඒ පොත් අතර රනිල් වික‍්‍රමසිංහ පිළිබඳව ලියැවුණු පොත් පිංචක් ද විය.මෙම පොත සම්බන්ධයෙන් සමගි ජන බලවේගය තුළත් එක්සත් ජාතික පක්ෂය තුළත් මන්ත‍්‍රීවරු අතර පොඩි පොඩි කසුකුසු ඇතිව තිබීම විශේෂත්වයකි.

( ඉරිදා දිවයින පුවත්පතේ පළවූ ලිපියකින් උපුටාගැනීමකි )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here