නාට්‍ය­යක් රූගත කිරී­මට ගිය නළු නිළි පිරි­සක් නිරෝධායනයට

0

නාට්‍ය­යක් රූගත කිරී­මට පැමිණි නළු නිළි­යන් ඇතුළු දහ­සය දෙන­කු­ගෙන් සම­න්විත පිරි­සක් හලා­ව­තදී පීසී­ආර් පරී­ක්ෂ­ණ­ව­ලට ලක් කළ බව හලා­වත මහ­ජන සෞඛ්‍ය වෛද්‍ය නිල­ධාරී කාර්යා­ලයේ පරි­පා­ලන මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂක එම්. එම්. සී. මංච­නා­යක මහතා පැවැ­සීය.

මේ පිරිස පිළි­ය­න්දල, කුලි­යා­පි­ටිය, දෙහි­වල ඇතුළු ප්‍රදේ­ශ­ව­ලින් පැමිණ ඇති අතර, ඔවුන් දින කිහි­ප­යක් නවා­තැන් ගෙන ඇත්තේ හලා­වත බණ්ඩා­ර­වත්ත ප්‍රදේ­ශයේ පිහිටි ප්‍රසිද්ධ ලැ ඟු­ම්හ­ල­කය.

මේ ලැ ඟු­ම්හලේ හිමි­කරු සහ සේව­ක­ය­කුට කොරෝනා ආසා­දිත වීමත් සමඟ මේ පිරිස නිරෝ­ධා­ය­නය කිරී­මට හලා­වත මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂ­ක­ව­රුන් තීර­ණය කළ අතර, පසුව පෙරේදා (08) මේ පිරිසේ කොට­සක් පීසී­ආර් පරී­ක්ෂණ සඳහා ලක් කර ඇත.

( දිනමිණ )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here