පී.සී.ආර් සාම්පල 21000 ක් ලැබ්වල හිරවෙලා..දවසගානෙ ඒක වැඩිවෙනව.

0

සති දෙකක පමණ කාලයක සිට ලබාගෙන ඇති පී.සී.ආර්.සාම්පල අතුරින් 21,000 කට වැඩි ප්‍රමාණයක පරික්ෂණ කටයුතු අවසන් කර ගත නොහැකිව රසායනාගාර තුළ පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම ප්‍රමාණය දිනෙන් දින ඉහළ යන තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බවද දැන ගන්නට ඇත.

පී.සී.ආර්. පක්ෂණවලට පෙනී සිට ඇති 21,000කට අධික පිරිසක් මෙම තත්ත්වය යටතේ ප්‍රතිඵල අපේක්ෂක්ෂාවෙන්
නිවෙස්වල පසුවන අතර,මොවුන් අතරින් ඇතැම් පිරිස් කොවිඩ් ආසාදිතව පසුවන බවටද තොරතුරු අනාවරණ වී ඇතැයි එම ආරංචි මාර්ග කියයි.

දැනට මෙසේ ගොඩගැසී ඇති පී.සී.ආර්. සාම්පල ඉදිරි සති දෙක ඇතුළත කඩිනමින් පරික්ෂ කර වහාම ප්‍රතිඵල නිකුත් කිරීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය ඇමැතිවරිය සෞඛ්‍ය ලේකම්වරයා වෙත උපදෙස් ලබාදුන් බවට වාර්තා වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ රසායනාගාර සේවා අධ්‍යක්ෂවරයා කැඳවා වහාම
මෙම පී.සී.ආර්. පරීක්ෂණ කර ප්‍රමාදයකින් තොරව නිකුත් කිර්මට කඩිනමින් පියවර ගන්නා ලෙසත් රසායනාගාර තුළ එක්රැස් වී තිබෙන පී.සී.ආර්. සාම්පල සති දෙකක් ඇතුළත පක්ෂක්ෂා කර අදාළ වාර්තාව නිකුත් කරන ලෙසත් දැනුම් දී ඇත.

එම පරීක්ෂණ කඩිනමින් කිරීම සඳහා අදාළ රසායනාගාර නිලධාරීන්ට අතිකාල දීමනා හෝ විශේෂ දීමනාවක් හෝ ලබාදී සිදුවී ඇති ප්‍රමාදය මඟහැරවීමට පියවර ගන්නා ලෙස දන්වා ඇති සෞඛ්‍යා ලේන්කම්වරයා ඉදිරි සති දෙක තුළ මෙසේ ගොඩගැසී ඇති පී.සී.ආර්. සාම්පල පරීක්ෂණ වාර්තා නිකුත් කර ඒ පිළිබඳව ප්‍රගති වාර්තාවක් තමා වෙත ලබාදෙන ලෙසද සෞඛ්‍ය ලේකම්වරයා රසායනාගාර සේවා අධ්‍යක්ෂවරයා වෙත උපදෙස් දී ඇත.

( මව්බිම )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here