ව්‍යායාමයට ආ අයෙක් හදිසියේ ජී විතක්ෂයට..සිරුර ක්‍රීඩාංගනේ.

0

හපුගල මහා විද්‍යාලයේ ක්‍රිඩාංගණයට ව්‍යායාම සඳහා පැමිණි පුද්ගලයකුගේ දේහයක් ක්‍රීඩා පිටිය තුළ තිබී ඊයේ (09 වැනිදා) උදෑසන සොයාගත් බව පෝද්දල පොලීසිය පවසයි.

මෙලෙස මි ය ගොස් ඇත්තේ ගාල්ල හපුගල සිල්වගෙ වත්ත ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. හබරාදූව පශු වෛද්‍ය කාර්යාලයට අනුයුක්තව සේවය කරන මොහු හෘද ආශ්‍රිත රෝග සඳහා ප්‍රතිකාර ලබාගන්නා පුද්ගලයකු බවට තොරතුරු වාර්තා වී ඇත.

සිරුර පශ්චාත් ම ර ණ පරීක්ෂණය සඳහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.

(අරුණ )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here