කරාපිටියට ගෙනා සිරුරු 20න් පහකට කොරෝනා..ඒ අතර හිමිනමකුත්

0

කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයට පශ්චාත් ම රණ පරික්ෂණ සඳහා යොමු කළ සිරුරු විස්සෙන් පහක්ම කොරෝනා ආසාදිතව මි ය ගිය අයගේ ම ළ සිරුරු බවට තහවුරු වූ බව කරාපිටිය රෝහලේ ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රොහාන් පී.රුවන්පුර මහතා පවසයි.

කොරෝනා ආසාදිතව මි ය ගොස් ඇති පස් දෙනා අතර භික්ෂුන්වහන්සේ නමක් වන බවද ඒ මහතා කියයි.

මෙසේ මි ය ගොස් ඇත්තේ කිරිබත්ගොඩ කොහුල්වල ගංගාරාම විහාරස්ථානයේ 73 හැවිරිදි හිමි නමක්,ගාල්ල කටුගොඩ ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි කාන්තාවක්,අහංගම මිගහගොඩ පදිංචි 71 හැවිරිදි පුද්ගලයෙක්,නියාගම තල්ගස්වල පදිංචි 74 හැවිරිදි පුද්ගලයෙක් සහ මාතර පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි.

( ලංකාදීප )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here