ලොක්ඩවුන් කරන්න බැරි යහපාලන ආණ්ඩුව නිසා (VIDEO)

0

කොරෝනා පළමු රැල්ල අවස්ථාවේදී ලෝකයේ බොහෝ රටවල් අනුගමනය කළ ක්‍රමවේදය වූ රට ලොක්ඩවුන් කිරීම අනුගමනය කළ බවත් කෙසේ නමුත් එවැනි තත්වයකට යළිත් යාමට තරම් ආර්ථික ශක්තියක් නොමැති බවත් සම කැබිනට් ප්‍රකාශක උදය ගම්මන්පිල මහතා පවසනවා.

ඒ අද (11) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට සහභාගිවෙමින්.

පසුගිය වසරේදී මාස 03 කට ආසන්න කාලයක් රට වසාදමා කොවිඩ් වසංගතය පාලන කිරීමට ආණ්ඩුව සමත් වූ බවද ගම්මන්පිල ඇමතිවරයා පෙන්වා දෙනවා.

තෙවැනි රැල්ලට මුහුණ දෙන ඇතැම් රටවල් යළිත් ලොක්ඩවුන් කිරීමට තීරණය කර ඇති වුවත් ඊට මුහුණදීම සඳහා එම රටවලට ශක්තිමත් ආර්ථිකයක් තිබෙන බවයි ඇමතිවරයා සඳහන් කරන්නේ.

කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ ආර්ථික තත්වය අනුව එවැනි තීරණයකට එළඹිය නොහැකි බැවින් රට විවෘතව තබා කෙසේ හෝ ව සංගතයට මුහුණදීම හැර වෙනත් විකල්පයක් නොමැති පවද ඔහු පවසනවා.

2015 සිට පැවති යහපාලන රජය සමයේදී දැවැන්ත ලෙස ආර්ථිකය කඩා වැටී ඇති බවත්, එම වසර 05 කට ආසන්න කාලය තුළදී ඒක පුද්ගල ආදායම වැඩි වී තිබෙන්නේ ඩොලර් 33 කින් පමණක් බවත් පෙන්වා දෙන ගම්මන්පිල මහතා පවසන්නේ එම ආර්ථික පරිහානියේ ප්‍රතිවිපාක අද සමස්ත රටටම විඳින්නට සිදුව ඇති බවයි.

2014 වසර ‍දක්වා ගෙනගිය ආර්ථික සංවර්ධනය ඒ ආකාරයෙන්ම පවත්වා ගැනීමට යහපාලන ආණ්ඩුව සමත් වූයේ නම් වෙනත් රටවල් මෙන් ඕනෑම අවස්ථාවක රට වසාදමා ව සංගතයට මුහුණ දීමේ හැකියාව තිබූ බවද උදය ගම්මන්පිල මහතා සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here