පුතුන් දෙදෙනාම වෛද්‍යවරු වූවත් පියා කොවිඩ් වලින් ජී විතක්ෂයට.

0

මෙත්සිරි සෙවණ කොවිච් ප්‍රතිකාර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද පුතුන් දෙදෙනකුගේ පියකු පෙරේදා (10දා) රාත්‍රියේ ජී විතක්ෂයට පත්වූ බව අනුරාධපුර ශික්ෂණ රෝහල පවසයි.

අනුරාධපුර ශික්ෂණ රෝහලට අනුබද්ධ මෙත්සිරි සෙවණ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලැබු පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ 57 හැවිරිදි මොහු මෙසේ ජී විතක්ෂයට පත්වී තිබේ.

කොවිඩ් – 19 වයිරසය ආසාදනය වීම නිසා අසාධ්‍ය තත්ත්වයට පත්ව සිටි ඒ මහතා ප්‍රතිකාර සඳහා මෙක්සිරි සෙවණ රෝහලට ඇතුළත් කර තිබූ අතර වෛද්‍යවරුන් ඔහුගේ ජීවිතය බේරාගැනීමට දැඩි උත්සාහයක නිරතවී තිබිණි.

මි ය ගිය පුද්ගලයාගේ දරුවන් දෙදෙනාම වෛද්‍යවරුන් වන අතර දේහය හදිසි ම රණ පරීක්ෂණය පැවැත්වීමෙන් පසුව අනුරාධපුර නිසල නිම්නය පොදු සුසාන භූමියේ ආදාහනාගාරයේදී ආදාහනය කිරීමට නියමිතව තිබිණි.

අනුරාධපුර හා පොළොන්නරුව දිස්ත්‍රික්කවල කොවිඩ් ආසාදනය වීමෙන් ප්‍රතිකාර ලැබූ හා ප්‍රතිකාර ලැබීමට නියමිතව සිටි පුද්ගලයන් 24 දෙනෙකු පෙරේදා (10) රාත්‍රිය වනවිට ම රණයට පත්ව තිබේ.

ඔවුන් සියලුදෙනා අනුරාධපුර හා පොළොන්නරුව ප්‍රදේශවල පදිංචිකරුවන් නොවන අතර කුරුණෑගල,කුලියාපිටිය,පානදුර,මීගමුව ඇතුළු ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here