උප­තින් ම දෙපා අහිමි රන්දි­කට ගණිත අංශයෙන් සර­සවි වරම්.

0

උප­තින්ම දෙපා අහිමි සිසු­වකු සර­සවි වරම් ලබා ඇත. රත්ගම දේව­ප­ති­රාජ ජාතික පාසලේ ඉගෙ­නුම ලැබූ ඔහු රන්දික විරාජ් ද සොයිසා. පසු­ගි­යදා ප්‍රති­ඵල නිකුත්වූ අ.පො.ස. උසස් පෙළ විභා­ග­යෙන් රන්දික විරාජ්, ගණිත අංශ­යෙන් බී සාමා­ර්ථ­යක් සහ සී සාමාර්ථ දෙකක් ලබා මෙසේ විශිෂ්ට ප්‍රති­ඵල පෙන්වා ඇත. රත්ගම, රත්න උදා­ගම පදිං­චිව සිටින රන්දික විරාජ් තිදෙ­න­කු­ගෙන් යුත් පවුලේ බාල­යාය. රන්දි­කගේ පියා, නිමල් ද සොයිසා (56) අද­හස් දක්ව­මින් මෙසේ කීවේය.

උප­තින්ම දෙපා හරි­යා­කා­රව නොවැ­ඩුණු මගේ පුතා පහේ පන්තිය දක්වා ගියේ ගල්කෙ­මි­නාව තිලක විද්‍යා­ල­යට. පාසල ළඟම තිබුණු නිසා දින­ප­තාම අම්මාගේ කර­පි­ටින් තමයි පුතාව පාස­ලට ගියේ. 06 පන්ති­යෙන් පසුව පුතා රත්ගම දේව­ප­ති­රාජ ජාතික පාස­ලට ඇතු­ළත් කළේ. ඊට පස්සේ ත්‍රිරෝද රථ­ය­කින් ගිහිල්ලා මගේ කර­පි­ටින් තමයි පාසල් ගමන සිදු කළේ.

මට දරු­වන් තුන් දෙනෙක් ඉන්නවා. වැඩි­ම­හල් දෙන්නා වෙන්වෙලා ඉන්නවා. මේ දරු­වන් ලොකු මහත් කළේ ගල් කැඩීම රැකි­යා­වක් විදි­යට කරලා. දැන් මට අත­පය වාරු නැහැ. පුතා මේ තත්ත්වයේ හිටි­යත් අපේ පවු­ලට රුපි­යල් 500 දීම­නා­ව­වත් නෑ. මේ මගේ බාලම දරුවා. දරු­වට හොඳට ඉගැ­න්වීම තමයි මගේ එකම බලා­පො­රො­ත්තුව වුණේ. දැන් ඒක ඉටු වෙලා තිබෙ­නවා. මට හුගාක් සතු­ටුයි.

විදු­හ­ල්පති කේ. සෑම් ද සිල්වා මහතා,
මේ දරු­වාගේ පියා අසා­මාන්‍ය කැප­කි­රී­මක් සිදු කළා. දරුවා ඉගෙන ගැනී­මට පුදුම විදි­යට මහන්සි වුණා. ඒ කැප­කි­රීම ඇති හැකි දරු­වන්ට හොඳ ආද­ර්ශ­යක්. අපි පාසලේ සියලු පහ­සු­කම් ලබා දුන්නා. දරු­වාගේ ආකල්ප, ගති­ගුණ ඉතාම ඉහ­ළයි. හැකි සෑම අව­ස්ථා­ව­කම අති­රේක ඉගැ­න්වීම් කළා. දරු­වාගේ අනා­ගත ජය­ග්‍ර­හණ නිබ­ඳව අපි ප්‍රාර්ථනා කර­නවා.

( දිනමිණ )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here