නිරෝධායනය වෙමින් සිටි 32 හැවිරිදි කත හදිසියේ ජී විතක්ෂයට

0

හපුතලේ කහගොල්ල ප්‍රදේශයේ නිවසේ ස්වයං නිරෝධායනය වෙමින් සිටි කාන්තාවක ඊයේ (12 වැනිදා) ජී විතක්ෂයට පත් වී ඇති බව හපුතලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස් සුදර්ශන් මහතා පැවසීය.

මෙසේ ජී විතක්ෂයට පත් වී ඇත්තේ කහගොල්ල පදිංචි 32 හැවිරිදි කාන්තාවක් බවද ඇය කොරෝනා ආසාදිතයකුගේ ඍජු ආශ්‍රිතයකු වූ බැවින් නිවසේ ස්වයං නිරෝධායනයට ලක් කර සිටි බවද කියයි.

හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇති බව පවසා සුළු වේලාවකින්, මෙම කාන්තාව ජී විතක්ෂයට පත් වී ඇති බව අනාවරණය වී තිබේ.

මේ සම්බන්ධයෙන් පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාවක් ලබා ගැනීමට කටයුතු යොදා ඇති බවත් නිරෝධායන නීති රීතිවලට අනුව අවසන් කටයුතු සිදුකිරීමට නියමිත බවත් හපුතලේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්. සුදර්ශන් මහතා පැවසීය.

( සමන් පාලිත – අරුණ )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here