මධ්‍යම අධිවේගී මාර්ගයේ අනිත් සමාඟම් වැඩ ඉවරකරද්දී දයා ගමගේට අයත් සමාඟම වැඩ අනයි

0

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන කොටස වන මීරිගම සිට කුරුණෑගල ‍කොටසෙහි වැඩ 90%ක් නිමවී තිබුනත් යහපාලන ආණ්ඩුවේ සිටි ප්‍රබල ඇමතිවරයකු වන දයා ගමගේ මහතාට අයත් ඔලිම්පස් සමාගම විසින් වැඩ නොකීරීම නිසා එම මාර්ගය විවෘත කිරීම දිනෙන් දින කල් යන බව පෙනී යයි. තවද ඔවුන් මේ වන විට භාවිතයට ගැනීමට ගෙනා යකඩ පවා මල කඩ බැදී ඇති අයුරු දක්නට ලැබිණි.

එම කොටස වෙනුවෙන් මහාමාර්ග අමාත්‍යාංශය හා මාර්ග සංවර්ධන අධිකාරිය මගීන් රුපියල් බිලියන 1.8ක් එනම් කෝටි 1800ක් අත්තිකාරම් වශයෙන් ගෙවා ඇති බවටද තොරතුරු ලැබී ඇත. මේ තරම් අති විශාල අත්තිකාරම් මුදලක් ගෙවා තිබීයදී වැඩ නොකිරීමට හේතුව කුමක්දැයි කල විමසීමකදී දැනගන්නට ලැබුනේ ඒ ලබා දුන් අත්තිකාරම් වලින් යහපාලන සමයේ ඔවුන් හෙලිකොප්ටර් අරගෙන ඇති බවය.

ඉදිකිරිම් කටයුතු අවසන් කිරිමට කිසිදු අවශ්‍යතායක් ඔලිම්පස් සමාගමේ පාලන අධිකාරියට නොමැති බව එම සමාගමෙහි ව්‍යාපෘතියේ වැඩ කරන නිලධාරින් ප්‍රදේශයේ ජනතාවට පවසා ඇති බව නිරීක්ෂණ සදහා සහභාගි වූ අපගේ කණ්ඩායමට අනාවරණය කර ගැනීමට හැකි විය.

අප හට පෙනී යන්නේ රජයේ වැඩ පිළිවෙල හිතාමතාම ක ඩා කප්පල් කිරිමේ වැඩ සටහනක් දයා ගමගේ මහතාට අයත් ඔලිම්පස් සමාගම මගීන් සිදු කරන බවත් රජයේ දේපල අව භාවිතා කරන බවත්ය.

ඒ නිසා මේ පිළිබදව කඩිනමින් පරීක්ෂණයක් කර රටේ ජනතාවගේ සිහිනය සැබෑ කිරිමට මීරිගම සිට කුරුණෑගල කොටස කඩිනමින් විවෘත කරන තුරු අපි ඇසිපිය නොහෙලා බලා සිටින්නෙමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here