ප්‍රදේශ රැසකට නායයාමේ අ නතුරු ඇඟවීම් – අද රාත්‍රියේදී 200mm ඉක්මවන වැසි

0

පවතින අයහපත් කාලගුණ තත්වය හමුවේ නායයාම්, පස්කඳු කඩාවැටීම් වැනි අනතුරු සිදුවිය හැකි බව ජාතික ‍ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසනවා. මේ වනවිට කළුතර හා ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට නායයාමේ අ න තුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, පාලින්දනුවර, අගලවත්ත, වලල්ලාවිට, ඉංගිරිය, මතුගම, දොඩම්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල සහ ගාල්ල දිස්ත්‍රික්කයේ නියාගම, ඇල්පිටිය, නාගොඩ, නෙලුව, බද්දේගම, තවලම, යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නායයෑම් ඇතිවිය හැකි බවයි එම ආයතන පවසන්නේ.

අද රාත්‍රියේදී දිවයිනේ ඇතැම් ප්‍රදේශවල මිලිමීටර් 200 ඉක්මවන වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අද පස්වරු 4.30 පමණ වනවිට හිනිදුම ප්‍රදේශයට මිලිමීටර් 190 ඉක්මවන වර්ෂාපතනයක් ලැබී තිබූ අතර මීට අමතරව හොරණ මිලිමීටර් 160 ක් සහ වලල්ලාවිට මිලිමීටර් 154 ක් ලෙස වැඩිම වර්ෂාපතනය වාර්තා වේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.

කලු ගඟ පිටාර ගලා යාම හේතුවෙන් මිල්ලකන්ද ප්‍රදේශයේ සුළු ගංවතුර තත්වයක් ඇති වී තිබෙනවා.
පහත් බිම් ආශ්‍රිතව ජීවත් වන ජනතාව නිරන්තර අවධානයෙන් පසුවිය යුතු බවයි බළධාරීන් දැනුම් දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here