අපේක්ෂා රෝහලේ බෙහෙත් හිඟයකින් රෝගීහු අමාරුවේ.

0

පි ළි කා රෝගීන්ට නොමිලේ නිකුත් කරන ඖ ෂධ වර්ග සති දෙකක සිට මහරගම අපේක්ෂා රෝහලේ නොමැතිවීම නිසා රෝගීහු දැඩි අසරණ භාවයට පත්ව සිටිති.

ටැං ග‍්‍රී ස් 80,ඇතුළු ඖ ෂධ රැසක් පසුගිය සතියේ සිට රෝහලෙන් නිකුත් කරනු වෙනුවට පුද්ගලික ඔසුහල්වලින් ගන්නා ලෙස රෝහලෙන් දැනුම් දීම නිසා මුදල් ගෙවා ගැනීමට නොහැකි රෝගීහු බ ර පතළ ජීවිත අ නතුරකට ද දැන් මුහුණ දී සිටිති.

කළුතර මෝල්කාවේ කේ. එම්. සීලින්නෝනා නමැති 66 හැවිරිදි කාන්තාවක ‘දිවයින’ ට මෙසේ කීවාය.

‘මම’ ගිය සතියේ බාහිර රෝගී අංශයට ගියා.බෙහෙත් නැහැ කියලා පෞද්ගලික ෆාමසිවලින් ගන්න කීවා.පෞද්ගලික ඖ ෂධ වෙළෙඳසල්වල ටැං.ග්‍රී ස් ඖ ෂධය එක පෙත්තක් රුපියල් 7500ක් වෙනවා.මේ පෙති දිනපතාම ගත යුතුයි. මම දැන් සති දෙකක ඉඳලා බෙහෙත් නැතිව ඉන්නේ. මෙහෙම ගියොත් අපගේ ජීවිත කොරෝනාවත් සමග රෝග තත්ත්වයන් උත්සන්න වී අ නතුරක තිබෙන්නේ.’’ මේ දෙස නෙත් යොමන ලෙස බලධාරීන්ගෙන් කරුණාවෙන් ඉල්ලනවා.

මේ පිළිබඳ රෝහලේ අධ්‍යක්‍ෂවරයා ගෙන් විමසීමට ඊයේ (13) කිහිප වරක්ම උත්සාහ කළද එය ව්‍යවර්ථ විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here