කොරෝනා හැදී නිවෙස්වල මි ය යන අයගේ සිරුරු හොරෙන්ම වළදාලා..ගම්වල තත්වය නරක අතට.

0

කින්නියා පොලිස් වසමට අයත් ඈත දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවල කොවිඩ් 19 ආසාදනය වි නිවෙස් තුළ මි ය යන අයගේ සිරුරු රහසිගතව භූමිදානය කරන බවට තොරතුරු ලැබි ඇති බව ත්‍රිකුණාමල ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩි.ජි.එම්.කොස්තා මහතා පවසයි.

මෙම ග්‍රාම නිලධාරි වසම්වලට අයත් ඈත දුෂ්කර ගම්මානවල පවතින තත්වය නරක අතට හැරි ඇති බැවින් එම ප්‍රදේශවලට වැඩි අවධානයක් යොමු කරන ලෙස ත්‍රිකුණාමල ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සෞඛ්‍ය අංශවලට උපදෙස් ලබා දී තිබේ.

නිවෙස් තුළ මි ය යන්නන් රහසිගතව වල දැමීම සම්බන්ධයෙන් ඇති තොරතුරුවල සත්‍යා අසත්‍යතාවය තවදුරටත් සොයමින් සිටින බව ද ඔහු පවසා ඇත.

මේ නිසා රෝග ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන කින්නියා පොලිස් බල ප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් හුදකලා කිරිමට තීරණය කල බව අධ්‍යක්ෂවරයා කියා සිටී.

මේ අනුව කින්නියා පොලිස් වසමට අයත් කින්නියා,පෙරිය කින්නියා, කුට්ට්කරච්චි, එරිදාර් නගර්,පෙරියාතු මුනෙයි ,මාලින්තුරෙයි,රහුමානියා නගර්, සින්න කින්නියා, මාංචෝලෙ, කට්ටියාරු, කුරුංඤ්ඤකේණි, මුණච්චේනෙයි, යන ග්‍රාම නිලධාරි වසම් මෙලෙස වහාම ක්‍රියාත්මක වනපරිදි ඊයේ (14) පෙරවරුවේ සිට හුදෙකලා කළ බව අධ්‍යක්ෂරවයා සඳහන් කර තිබේ.

( අරුණ )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here