හැමෝම ආසයි ජීවත්වෙන කාලෙ සැපවිදින්න..බලධාරීන් ඉක්මන් කරන්න.

0

මෙරට වාහන වෙළදපොළේ මේ වන විට වාහන මිල අතිශය ඉහළ ගොස් තිබේ.ගිය වසරේ වාහන ආනයනය නතර කිරීමත් සමඟ මේ තත්වය ඇති වී තිබෙනවා.

නමුත් අනෙක් රටවලට සාපේක්ෂව අපේ රටේ ආනයනික වාහන සඳහා එකතු කරන අධික බදු හේතුවෙන් වාහන නිෂ්පාදන කරන රටවල් එම වාහනයෙන් ලබන ලාභයට වඩා වැඩි ලාභයක් අපේ රටේ රජයට ලැබෙන බව සඳහන් වෙනවා.

වාහන මිල පිළිබඳව දිගින් දිගටන සමාජ මාධ්‍ය වෙත වීඩියෝ එකතුකරමින් ඒ පිළිබඳව කතාකරන ජපානයේ වාහන අලෙවිකරුවෙක් වන දහනායක බණ්ඩාර මහතා පවසන්නේ වසර පහක් පමණ පැරණි ටොයෝටා විට්ස් රථයක් මෙරට වරායට ලක්ෂ 6 ක පමණ මුදලකට ලබාදිය හැකි බවයි.එයට රජයෙන් 100% බද්දක් අය කරත් එය ලක්ෂ 12 කට මෙරට ජනතාවට ලබාදිය හැකි බව ඔහු පවසනවා.

ඇතැමුන් පවසන පරිදි අපේ රටේ වාහන ප්‍රමාණය අධිකනම් පැරණි වාහන ධාවනයෙන් ඉවත් කිරීම ඉතා සුදුසු බවයි දහනායක මහතා පවසන්නේ.

තමන් එලෙස ඉතා අඩු මුදලට නයිජීරියාවට මෙම වාහන යවන බවද ඔහු පවසනවා.එමෙන්ම ශ්‍රීලංකාවේ අධික වාහන මිල හේතුවෙන් අපේ රටේ මිනිස්සුන්ට වාහනයක් මිලදී ගැනීමේ සිහිනය සැබෑකර ගැනීම ඉතා අසීරු වී ඇති බවද ඔහු පවසා සිටිනවා.

සියලු දෙනා ජීවත්වන ටික කාලයේදී සැප විදිය යුතු බවත් බලධාරීන් මේ පිළිබඳව ඉතාමත් ඉක්මනින් තීන්දු තීරණ ගන්නේනම් යහපත් බවත් දහනායක බණ්ඩාර මහතා පවසා සිටිනවා.

එම වීඩියෝව පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here