මෙහෙමත් පව්කාර මිනිස්සු.

0

පස්දෙනකුගෙන් සමන්විත කණ්ඩායමකගේ ප හ ර කෑමට ලක්ව මාතර මහ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි වැලිගම ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිකාරි හිමිනම පෙරේදා (16දා) අපවත්වූ බව පුවත්පත් වාර්තා කර තිබෙනවා.

විහාරස්ථානය අසල ඇළේ මාළු අල්ලමින් සිටි තරුණයකු හට මසුන් මැ රී මෙන් අකුසල් සිදුවන බවට උන්වහන්සේ පවසා තිබුණා.

හිමිනමගේ උපදෙස් වලින් කෝ පයට පත් මෙම තරුණයා තවත් තරුණයන් සිව්දෙනකු සමඟ විහාරස්ථානයට පැමිණ උන්වහන්සේට ප හ රදී ඇති අතර ප හ ර කෑ ම්වලට ලක්වූ ස්වාමීන්වහන්සේ මාතර මහ රෝහලට ඇතුළත් කර ප‍්‍රතිකාර ලබමින් සිටියදී අපවත්වී ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

මෙම ඝා.ත නය සම්බන්ධයෙන් තරුණයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර, තවත් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ සිදුකරන බව පොලිසිය සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here