ටැංකි 17ක ඔක්සිජන් දීලත් කොරෝනා රෝගියෙක් බේරගන්න බැරිවෙලා

0

පුද්ගලයන් තිස්තුන්දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව ඊයේ (16 වැනිදා) හඳුනාගත් බව තිස්සමහාරාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙහි පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුර විජේමුණි පැවැසීය. එක් පුද්ගලගයෙක් ම ර ණයට පත්ව ඇති බවද ඔහු කීය.

මෙසේ මි ය ගොස් ඇත්තේ තිස්සමහාරාම, පන්නගමුව, ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ හැට නව හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු කොරෝනා ආසාදනය වී සතියක් පමණ කාලයක් තිස්සමහාරාම මූලික රෝහලෙහි ප්‍රතිකාර ලබා ඇත. එම කාලය තුළ ඔහුගේ ජීවිතය ​බේරා ගැනීමට රෝහල් වෛද්‍ය කාර්ය මණ්ඩල දැඩි වෙහෙසක් ගත් අතර එම කාලය තුළ ඔහුට ඔක්සිජන් ටැංකි 17ක ප්‍රමාණයක ඔක්සිජන් ලබාදී තිබිණි.

පසුව ඔහුගේ තත්ත්වය යහපත් අතට හැරීමෙන් පසු හම්බන්තොට කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට යැවීමෙන් පසු ඔහු මි ය ගොස් ඇති බව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවැසීය.

ගතවූ පැය හතළිස් අටක කාලය තුළ හඳුනාගනු ලැබූ කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් තිස්තුන්දෙනා හම්බන්තොට හා අගුණුකොළපැලැස්ස කොරෝනා වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානවලට රැගෙන යෑමට මේ වන විට පියවර ගෙන තිබේ.

ඒ.ඒ. පේමසිරි – තිස්සමහාරාම ( අරුණ )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here