සක්මන් කරද්දි ඇද වැටී අපවත් වූ හිමිනමට කොවිඩ්

0

අනුරාධපුර අටමස්ථාන පූජා භූමියේ පිහිටි විහාරස්ථාන දෙකක වැඩසිටි හිමිනමක් හා මෙහෙණින් වහන්සේ නමක් හදිසියේ අපවත්වීම සම්බන්ධයෙන් පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේදී සක්මන් කරමින් සිටියදී ඇදවැටී අපවත් වූ හිමිනම කොවිඩ් 19 වයිරසය ආසාදනය වීම නිසා අපවත්වී ඇති බව වෛද්‍ය අංශ විසින් තහවුරු කෙරුණි.

අපවත්වූ හිමිනම අනුරාධපුර සාරානන්ද පිරිවෙන් විහාරස්ථානයේ වැඩ සිට ඇති අතර, පසුගිය 13 වැනිදා උදෑසන සක්මන් කරමින් සිටියදී කුටියක් ආසන්නයේ හදිසියේ ඇ ද වැ ටී ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශය සඳහන් කළේය.

උන්වහන්සේ උඩුබැලි අතට ඇ ද වැ ටී සිටිනු දුටු සාමණේර හිමිනමක් ඒ පිළිබඳ සෙසු හිමිවරුන්ට දැන්වීමෙන් පසුව එම ස්ථානයේ රාජකාරිවල නිරතවූ පොලිස් නිලධාරියා ඇතුළු පිරිසක් එක්ව හිමිනම රෝහල් ගතකර තිබුණි.

අදාළ හිමිනම රෝහල් ගතකරනා විටත් අපවත්වී සිටි බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් විසින් තහවුරු කර තිබුණි. පසුව 14 වැනිදා සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ දෙකකදී උන්වහන්සේට කොවිඩ් 19 වයිරසය ආසාධනය වී ඇති බව තහවුරු වී තිබුණි.

අනුරාධපුර නාගරික හදිසි ම ර ණ පරීක්ෂක ජේ.එම්. ජයතිලක හදිසි ම ර ණ පරීක්ෂණය පවත්වා අපවත් වූ හිමිනමගේ දේහය අදාහනය කිරීම සඳහා නියෝග ලබාදුන්නේය.

බුද්ධික මහේෂ් – අනුරාධපුර නැගෙනහිර (අරුණ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here