කොවිඩ් ආසාදිත බිරිඳ මි ය ගොස් ‘දින තුනකට පසු’ සැමියාත් ජී විතක්ෂයට.

0

කොවිඩ් 19 වෛරසය අසාදනය වු බිරිද මි ය ගොස් දින තුනකට පසු ඊයේ (16) දින රාත්‍රියේ ඇගේ සැමියාද මි ය ගොස් ඇති බව බගවන්තලාව මහජන සෞඛ්‍ය පරික්ෂක වරයා  සඳහන් කළා.

බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් අනතුරුව කාන්තාව මි ය ගිය අතර ඇයට කොවිඩ් 19 වෛරසය වැළඳී ඇති බව තහවුරු වී ඇත්තේ ඊයේ (16) ලැබුණු PCR වාර්තාව මගිනුයි.

මෙසේ මි ය ගොස් ඇත්තේ බගවන්තලාව සිරිපුර ප්‍රදේශයේ පදිංචි එස්.පාර්වති නැමති (68) හැවිරිදි තිදරු මවකි.

ඇයගේ මි ය ගිය සැමියා වන එස්.වඩිවේල් (76) ද PCR පරික්ෂණයට භාජනය කර ඇති අතර තවමත් වාර්තා ලැබී නොමැති බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා සඳහන් කළේ.

මි ය ගිය දෙදෙනාගේ පවුලේ සමාජිකයන් ස්වයං නිරෝධානයට යොමු කර ඇති බවත් වාර්තා වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here