සේවකයන්ට කොරෝනා නිසා තමන්ම කසළ එකතු කරන හපුතලේ සභාපති.

0

හපුතලේ ප්‍රාදේශීය සභාවේ සභාපති බී. කන්දසාමි කන්නා මේ දිනවල කසළ ලොරියෙන් පැමිණ නගරවල කසළ එකතු කිරීම ඉතා අගය කළ යුතු බව නගරවාසීහු පැවසූහ.

හපුතලේ ප්‍රාදේශීය සභාවේ කසළ ලොරියේ රියැදුරු සහ සනීපාරක්ෂක කම්කරුවන් ඇතුළු සේවකයන් හත් දෙනකුට කොරෝනා ආසාදනය වීමත් සමග කසළ ලොරිය පැදවීමට රියැදුරන් නොමැතිවිය. එනමුත් කසළ එකතු කිරීමේ කටයුතු අඛණ්ඩව සිදු කළ යුතු බැවින් මෙම පියවර ගත් බව සභාපතිවරයා අරුණ කළ විමසීමකදී පැවසීය.

මේ පිළිබඳ සභාපතිවරයා මෙසේ අදහස් දැක්වීය.

හපුතලේ ප්‍රාදේශීය සභා සේවකයන්ට කොරෝනා ආසාදනය වීමත් ඔවුන්ගේ සමීපතමයන් නිරෝධායන කර තිබීමත් නිසා දෛනිකව කසළ එකතු කිරීම සඳහා යොදවා සිටි පිරිස යළි සේවයට කැඳවීමට නොහැකියි. එම නිසායි එය මා විසින් කරන්න පටන් ගත්තේ.

දියතලාව නගරය, කහගොල්ල නගරය, යුද හමුදා කඳවුරු මාර්ගය, දියතලාව මූලික රෝහල් මාවත සහ උමං කඳුර ආදී ප්‍රදේශවල කසළ මා විසින් එකතු කළා. එසේම අවම සේවක සහභාගිත්වයෙන් කාර්යාලයීය කටයුතු ද සෞඛ්‍ය මාර්ග උපදේශවලට අනුකූලව කිසිදු බාධාවකින් තොරව කරගෙන යනවා.

සමන් පාලිත – හල්දුම්මුල්ල ( අරුණ )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here