දරුවන් 5 දෙනෙකු මේ වනවිට මි ය ගිහින්..ඉදිරි සති දෙක තීරණාත්මකයි.

0

ඉදිරි සති දෙක ඉතාම තීරණාත්මකයි.මේ සති දෙක තුළදී දරුවන්ව නිවසේම රඳවා තබාගෙන ආරක්‍ෂා කරගන්න.ගමන් බිමන් සඳහා දරුවෝ රැගෙන යන්න එපා.පවතින කොරෝනා තත්ත්වය හමුවේ දරුවන් ආරක්‍ෂා කරගැනීම දෙමාපියන්ගේ වගකීම යැයි

බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ‘‘දිවයින’’ ට ඊයේ (18 වැනිදා) පැවසීය.

කොරෝනා වසංගතය ඇරඹුණු 2020 මාර්තුවේ සිට මේ දක්වා කාලය තුළ දරුවන් දහසකට අධික ප‍්‍රමාණයකට කොරෝනා වැළඳී ඇති බවත්, කොරෝනා වැළඳීමෙන් දරුවන් 5 දෙනෙකු මේවෙන විට මි ය ගොස් ඇති බවත් හෙතෙම කීය.

කොරෝනා වැළඳුණු දරුවන් ගත වූ කාලය තුළ අංගොඩ අයි. ඞී. එච්. රෝහලෙන් 300 කට අධික පිරිසක් ප‍්‍රතිකාර ලබා ගෙන ඇතැයිද හෙතෙම කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here