අල් ජසීරාගේ චෝදනාව අයි.සී.සී.ය ඉවත දමයි – ශී‍්‍ර ලංකාවේ හතරදෙනා නිදහස්.

0

වසරේදී අල්ජසීරා රූපවාහිනිය වාර්තා කළ කි‍්‍රකට් තරග පා වා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන වසර 3කට පසු අවසන් කළ බවට ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය කියා සිටී.

එ අනුව එහිදී අදාළ තරග පා වා දීමට සම්බන්ධ යැයි කියූ හිටපු කි‍්‍රකට් කී‍්‍රඩකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් පස් දෙනාට එරෙහිව චෝදනා ගොනු කිරීමට තරම් ප‍්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් ඔවුන් ඉන් නිදහස් කළ බව ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය වැඩිදුරටත් කියා සිටී.

2016 වසරේදී පැවැති ඉන්දියාව සහ එංගලන්ත ටෙස්ට් තරගයේදී සහ 2017 වසරේදී පැවැති ඉන්දියාව සහ ඔස්ටේ‍්‍රලියානු ටෙස්ට් තරගයේදී තරග පා වා දීමක් සිදු වී ඇති බවට 2018 වසරේදී අල්ජසීරා රූපවාහිනී නාලිකාව මගින් වාර්තා චිත‍්‍රපට දෙකකින් ප‍්‍රදර්ශනය කර තිබේ. ‘කි‍්‍රකට් මැච් ෆි ක්සර්ස්’ ලෙසින් නම්කෙරුණු එම වාර්තා චිත‍්‍රපට දෙකේදී අදාළ පා වා දීම සඳහා ඔස්ටේ‍්‍රලියානු කී‍්‍රඩකයන් දෙදෙනකු සහ එංගලන්ත කී‍්‍රඩකයන් තිදෙනකු සම්බන්ධ බවට කියැවී තිබේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පැතිකඩ 3ක් ඔස්සේ විමර්ශන සිදු කර තිබූ අතර එහිදී අදාළ වාර්තා චිත‍්‍රපටයේදී එල්ල වූ චෝදනා, ඊට සම්බන්ධ සැකකරුවන් සහ වැඩසටහන සඳහා සාක්ෂි ගොනු කළ ආකාරය පිළිබඳ මෙහිදී අවධානය යොමුකර තිබේ.

එ අනුව ස්වාධීන විනිසුරුවන් සහ කි‍්‍රකට් විශේෂඥයන් සිව්දෙනකු විසින් මෙම විමර්ශනය සිදුකර තිබූ අතර එහිදී අලජසීරා නාලිකාව විසින් ප‍්‍රදර්ශනය කෙරුණු වාර්තා චිත‍්‍රපටයෙන් එ ල්ල කෙරුණු චෝදනා සඳහා ප‍්‍රමාණවක් සාක්ෂි නොමැති බවත් එහි සඳහන් වන සිද්ධීන් තරග පා වා දීමේ සිද්ධීන් ලෙස හඳුනාගත නොහැකි බවත් ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය පෙන්වා දී තිබේ. මේ හේතුවෙන් එම වාර්තා චිත‍්‍රපටයෙන් අනාවරණය කෙරුණු පුද්ගලයන් පස් දෙනාට එරෙහිව ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ දූ ෂ ණ ම ර්දන පනත යටතේ කිසිදු චෝදනාවක් ගොනුකර නොහැකි බවට ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත් මෙලෙස චෝදනා එල්ල වූ පුද්ගලයන් අතරට ශී‍්‍ර ලංකා හිටපු කී‍්‍රඩක දිල්හාර ලොකුහෙට්ටිගේ සහ හිටපු පාකිස්තාන කී‍්‍රඩක හසන් රාසාද ඇතුළත් වී තිබිණි. මීට අමතරව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට අනියුක්තව පුහුණුකරුවන් ලෙස සේවය කළ ජීවන්ත කුලතුංග, තරිඳු මෙන්ඩිස් සහ ගාල්ල ජාත්‍යන්තර කී‍්‍රඩා පිටියේ සහාය කළමනාකරු ලෙස කටයුතු කළ ඉන්දික තරංග යන තිදෙනාද මෙලෙස චෝදනා ලැබූ පිරිසට ඇතුළත් වී තිබිණි.

කසුන් රණවීර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here