සා.පෙළ උසස්පෙළ යළිත් කල් යයි !

0

මේ වසරේ පැවැත්වීමට නියමිත අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ(2021) විභාගයන් නැවත වරක් කල් දැමීම කෙරෙහි අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇත.

අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය ඔක්තෝම්බර් මාසයේ පැවැත්වීමටත්,දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය ජනවාරි මාසයේ(2022) පැවැත්වීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය දින වකවානු වෙන් කර තිබුණත් කොරෝනා ව්‍යාප්තිය හමුවේ සිසුන්ට නියමිත පරිදි අධ්‍යාපන කටයුතු කරගෙන යාමට නොහැකි වීම නිසා මෙම විභාග දෙක නැවත වරක් කල් දැමීමට සිදු වනු ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්  පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here