අහිංසක බව්වාට අ පරාධය කළ තරුණ සැකකරුවන් දෙදෙනා රිමාන්ඩ්

0

ලොරි රථයකට හා අධික මිලෙන් යුතු සුනඛයකුට  අ නර්ථයක් හා බ රපතළ තු.වා ල සිදු කළ තරුණ සැකකරුවන් දෙදෙනකු ලබන 31 දා තෙක් රක්‍ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට කුලියාපිටිය මහෙස්ත‍්‍රාත් ජනනි ශෂිකලා විජේතුංග මහත්මිය පෙරේදා (18 දා) නියම කළාය.

කඹුරාපොල, මූණමල්දෙණිය ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වූ 22 හා 23 වයසේ පසුවන සැකකරුවන් දෙදෙනකු එලෙස රක්‍ෂිත බන්ධනාගාරගත කෙරිණ.

අදාළ සිද්ධිය මාධ්‍ය මගින් ප‍්‍රචාරය වීමත් සමගින් සැකකරුවන් ප‍්‍රදේශයෙන් පලාගොස් සිටියදී කුලියාපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණ.

එමෙන්ම එහිදී සැකකරුවන් ඉදිරිපත් කරමින් පොලිසිය කියා සිටියේ සැකකරුවන් මෙම සිදුවීමෙන් පසුව පැමිණිල්ලටද බ ල පෑම් සිදුකළ බවයි.

එමනිසා සැකකරුවන්ට එරෙහිව සත්ත්ව හි ං ස නයට හා අ න ර්ථයට අමතරව වින්දිතයන් ආරක්‍ෂා කිරීමේ පනත මගින්ද බී වාර්තා දෙකකින් නඩු දෙකක් පවරා තිබිණ.

කෙසේ වෙතත් කරුණු සැලකිල්ලට ගත් මහෙස්ත‍්‍රාත්වරිය එක් චෝ දනාවකට ලබන 21 දක්වාත්, වි න්දිතයන් ආරක්‍ෂා කිරීමේ පනත යටතේ මෙම චෝ දනාවට 31 දක්වාත් රක්‍ෂිත බන්ධානාගාර ගතකරන ලෙසට නියම කර තිබිණ.

කුලියාපිටිය පොලිසියේ නඩු මෙහෙයුම් ස්ථානාධිපති පො.ප. අසංක කුමාරසේන හා පො.කො. සමරසේකර (11627) පැමිණිල්ල මෙහෙය වූ අතර වගඋත්තර කරුවන් වෙනුවෙන් නීතිඥ කැලූම් හෙට්ටිගමගේ, චම්පික ලසිත කුමාර, අනුරසිරි දිසානායක යන මහත්වරුන් පෙනී සිටියහ.

කුලියාපිටිය – උපේන්ද්‍ර සේරසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here