තුල්හිරියේ කම්හලක 400කට කොවිඩ්..ආපන ශාලා සේවකයාත් කොවිඩ්වලින් ම රුට

0

කෑගල්ල, තුල්හිරිය ප‍්‍රධාන කර්මාන්ත ශාලාවකට අයත් ඵක් අංශයක සේවකයන් 2000 ක් දින දෙකකට පෙර පී.සී.ආර්. පරීක්ෂණයට ලක් කර ඇති අතර දැනට ඉන් 400ක් කොරෝනා වෛරසය ආසාදිතයන් වී ඇති බවට කෑගල්ල දිස්ත‍්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් බන්දුල වීරසිංහ මහතා පැවසීය.

ඉදිරි පරීක්ෂණවල පී.සී.ආර්. වාර්තා පැමිණෙන විට මෙම තත්ත්වය තවත් ඉහළ යනු ඇතැයි සෞඛ්‍ය සේවා අංශ වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම කර්මාන්ත ශාලාවේ ආපන ශාලාවේ සේවය කළ සේවකයකුට කොරෝනා ආසාදිත වී ම රණයට පත් වී ඇති අතර කර්මාන්ත ශාලාව වසා දැමීමට සෞඛ්‍ය සේවා අංශ කටයුතු කර ඇත. කර්මාන්ත ශාලාවේ ආසාදිතයන් ගෙන් 64 දෙනකු වරකාපළ සෞඛ්‍ය කොට්ඨාසයට අයත් වේ.

කෑගල්ල – ඵම්. බී. පහළවත්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here