හදිසි මි ය යෑම් දසතින්..තවත් තිදෙනෙක් හිටි හැටියේ ජී විතක්ෂයට

0

සූරියවැව ප්‍රදේශයේ දෙදරු පියකු සහ තවත් කාන්තාවක හදිසියේ ඇති වූ රෝග තත්වයන් හේතුවෙන් ඊයේ (19දා) අලුයම සහ පෙරේදා (18දා) පස්වරුවේ මි ය ගොස් ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.

මෙලෙස මි ය ගොස් ඇත්තේ සූරියවැව පරණබැන්දේවැව ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි අයකු සහ සූරියවැව මීගහජදුර ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි කාන්තාවකි.

සූරියවැව පැරැණිබැ දේවැව
ප්‍රදේශයේ පදිංචි පුද්ගලයාට පෙරේදා රාත්‍රි හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් සූරියවැව රෝහලටත් ඉන් හම්බන්තොට මහ රෝහලටත් මාරු කර යවා ඇති අතර එම රෝහලේදී ඔහු අලුයම ජී විතක්ෂයට පත්ව තිබේ.

සූරියවැව මීගහජදුර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක පෙරේදා තවත් දෙදෙනකු සමඟ තණහාල් කැ පීමට ගොස් ඇති
අතර අසනීප තත්ත්වයක් පෙන්වා පසුව ඇය බිම ඇ ද වැ ටී ජී විතක්ෂයට පත්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.

මි ය ගොස් ඇති දෙදෙනාගෙන්ම සිරුරු හම්බන්තොට මහ රෝහලේ තැන්පත් කර ඇති අතර ඔවුන්ට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට නියමිතව තිබිණි.

එමෙන්ම තිහගොඩ පොලිස් වසමේ බණ්ඩත්තර ප‍්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි පිරිමි පුද්ගලයකු පෙරේදා (18 දා) නිවසේදීම ජී විතක්ෂයට පත්ව ඇති අතර මෙම 69 හැවිරිදි පුද්ගලයා සිය නිවසේම නිරෝධායනයට යොමුකර සිටි අයෙකි.

එම නිවසේම විසූ තවත් සාමාජිකයන් තිදෙනකු කොවිඩ් වෛරසය ආසාදනය වී රෝහල් ගතකර ප‍්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අංශ පැවසීය.

මි ය ගිය පුද්ගලයාගේ මෘ ත ශරීරය පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාවන් ලබා ගැනීම සඳහා අදාළ සෞඛ්‍ය අංශ වෙත යොමුකර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here