කිලෝමීටර් 140 ක් පා පැදියෙන් එහා මෙහා යන සුව විරුවෙක්

0

කොරෝනාවෙන් ආරක්ෂා වීමට හා නියමිත වේලාවට රාජකාරියට යෑම සඳහා බස්රථ නොමැති වීමත් නිසා තම දරුවාගේ කුඩා පාපැදියෙන්

අම්බලන්ගොඩ සිට උඩුගම මූලික රෝහලට සේවයට පැමිණෙන සෞඛ්‍ය සේවකයකු ‘දිවයින’ කැමරාවට මෙලෙස හසුවිය.

ඔහු නමින් ඒ. චන්දන ප‍්‍රසාද්. දෙදරු පියෙකි. අම්බලන්ගොඩ නගරයේ සිට කිලෝමීටරයක පමණ දුරින් පදිංචි මොහු රැුකියාව සඳහා පැමිණීමට පමණක් කිලෝමීටර් 70 ක දුරක් උඩුගම රෝහල වෙත පැමිණිය යුතු බව ඔහු පවසයි. ඒ අනුව බලන කළ ඔහු විසින් මේ කුඩා පාපැදියෙන් කිලෝමීටර් 140 ක් ධාවනය කළ යුතුය.

ඔහු අලූත් සේවකයකු නිසා දැනට රැකියාවේ පරිවාස කාලය ගතකරන බැවින් ඔහුට ස්ථාන මාරුවක්ද ලබාගැනීමට නොහැකි බව ඔහු පවසයි. මේ හේතුව නිසා

රැකියාවට නොපැමිණියහොත් සේවය හැර යෑම සේ සලකා සේවය නතර කිරීමට වුවද රෝහල් බලධාරීන්ට හැකි බවද ඔහු කියයි.

මේ පිළිබඳ රැුකියා ස්ථානයෙන් සොයා බැලීමේදී දැන ගැනීමට ලැබුණේ මෙවන් දෙයකි. නිසි වේලාවට රාජකාරියට පැමිණෙන, තම රාජකාරිය දේව කාරිය සේ සලකා නොපිරිහෙලා ඉටුකරන, තමා ලබන වැටුපට වඩා රෝගී සත්කාර හරියටම ඉටුකරන සෞඛ්‍ය ක්ෂේත‍්‍රයටම උචිත කාරුණික හදවතක් ඇති සේවකයකු බවයි.

එබැවින් මෙම අසරණ සේවකයා කෙරෙහි සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමුකර ඔහුගේ ගම් ප‍්‍රදේශයට ස්ථාන මාරුවක් ලබාදීම මැනවි යැයි ඔහු සමග සේවය කරන අනෙකුත් සේවකයන් පවසති.

උඩුගම – හරිස්චන්ද්‍ර විතානාච්චි

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here