තත්වය පාලනය නොකළොත් ඉදිරි සති 2 තුළ පැය 4කට ඇඳන් 1000 ගානෙ ඕන වෙයි..දින 14ක්වත් අඛණ්ඩ සංචරණ සීමා අවශ්‍යයි

0

කොවිඩ් වසංගතය රට පුරා සීඝ්‍රයෙන් පැතිර යෑමට පටන්ගෙන ඇති බැවින් එම තත්වය යටත්තේ සෑම පැය හයකට
වරක් කොවිඩ් ආසාදිතයන් සඳහා ඇඳන් දහසක් ඇති කිරීමේ අභියෝගයක් අප හමුවේ පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.

තත්ත්වය මෙස පැවතුණහොත් ඉදිරි සති දෙක තුළ පැය හතරකට වරක් කොවිඩ් ආසාදිතයන් සඳහා ඇඳන් දහසක් ඇති කිරීමට සිදුවීම වැළැක්විය නොහැකි යැයි එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු පවසයි.

ඇතිවන මේ තත්ත්වය පාලනය කිරීමට තම සංගමය ඇතුළු විශේෂඥ වෛද්‍යවරු ඉදිරිපත් කළ යෝජනා වසංගත රෝග විද්‍යා අංශය සැලකිල්ලට නොගෙන ක්‍රියාකිරීම නිසා රට පුරා කොවිඩ් වසංගතය පැතිරයෑමේ අවදානම ඉහළ ගොස් ඇත බවත්, මෙම තත්වය පාලනය කිරීමට අබණ්ඩව දින 14ක් සංචරණ නීති පැනවිය යුතුව ඇතැයි වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු සඳහන් කරයි.

එසේ අඛණ්ඩව සංචරණ නීති ක්‍රියාත්මක කිරීම තුළින්,සියයට 80-90 අතර ප්‍රමාණයක් පුද්ගල දුරස්ථභාවය ඇති කරගත හැකි බව පෙන්වා දෙන වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු එසේ දුරස්ථභාවය ඇති කිරීම හරහා මෙම වසංගතය සති හතරක පමණ කාලයක් තුළ කිසියම් පාලනයකට නතුකර ගත හැකි වන බව පවසයි.

එසේ නොකළහොත් කොවිඩ් ආසාදිතයන් දිනෙන් දින රට පුරා ඉහළ ගොස් සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි තත්ත්වයට පත්වීම හරහා කොවිච් පාලනය සෞඛ්‍ය පද්ධතියෙන් ගිලිහී යෑම වළක්වාගත නොහැකිවනු ඇතැයි වෛද්‍යවරයා අවධාරණය කරයි.

අප ඉදිරියේ ඇති මෙම භ යානක තත්ත්වය ගැන ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා දැනුවත් කර ගත යුතු එකම ක්‍රියාමාර්ගය වන දින දාහතරක අඛණ්ඩ සංචරණ සීමා ඇති කර එම සංචරණ කටයුතු දැඩිව පවත්වාගෙන යෑමේ ඇති අවශ්‍යතාව පෙන්වා දෙන බවද වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු පවසයි.

මෙම තත්ත්වය අධ්‍යයනය කර නිසි පිළියම් යෙදීම වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානියාගේ වගකීම බවත් එය ඉටු නොවීමේ ප්‍රතිඵලයක් ලෙස අද වසංගතයෙන් රට වෙළාගෙන ඇති බවත් පෙන්වා දෙන ලේකම්වරයා මහජන සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විසින් දෙනු ලබන නියෝගවලට අනුව තම සංගමය ඉදිරියේදී කටයුතු කරන බවද සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here