නැවේ ගින්න නිවන්න උපදෙස් දුන්නෙ මම..ඇමති රෝහිත

0

කොළඹ වරායට නාවික සැතපුම් පිටතින් පිහිටි රසායනික ද්‍රව්‍ය සහිත බහාලුම් නෞකාවක ඇති වූ ගින්න මැඩපැවැත්වීම සමත් වී තිබේ.

ඒ සම්බන්ධයෙන් වරාය හා නාවුක කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා තම ෆේස්බුක් ගිණුමේ තැබූ සටහන පහතින්,

“එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවේ ගින්න පාලනය කෙරේ.

ඊයේ රාත්‍රියේ කොළඹ වරායට ලඟාවීමට නියමිතව තිබූ “එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවේ හදිස්සි ගින්නක් හට ගැනිණ.අද අලුයම 1.30 ට පමණ වරාය නියමු මධ්‍යස්ථානය වෙත ගොස් එම ගින්න මැඩපැවැත්වීමට ක්‍රියා කරන කණ්ඩායම් වෙත අවශ්‍ය උපදෙස් ලබා දුන්නෙමි.

බහාලුම් 2,500කට ආසන්න සංඛ්‍යාවක් රැගෙන කොළඹ වරායට පැමිණෙමින් තිබූ නෞකාවේ ඊයේ දහවල් දුමක් පැමිණ තිබූ අතර ඊයේ රාත්‍රී 11.00 ට පමණ ගින්න හටගෙන ඇත.බහාලුවක තිබූ රාසායනික ද්‍රව්‍යක් හේතුවෙන් ගින්න හටගත් බවට විශ්වාස කරන අතර ඒ සම්බන්ධයෙන් දැනට පරීක්ෂා කරමින් පවතී.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ටග් යාත්‍රා උපයෝගී කරගනිමින් ගින්න මැඩපැවැත්වීමට ක්‍රියා කල අතර නාවික හමුදා සහ ගුවන් හමුදාවේ සහය අවශ්‍ය වුවහොත් ලබා ගැනීමට ඔවුන්ට උපදෙස් ලබා දුන්නෙමි.ගින්න පාලනය වුවද නැවත ගින්නක් හට නොගැනීමට මේ වන විටත් වරාය අධිකාරියේ ටග් යාත්‍රා සහ ගිනි නිවීම් ඒකක තවදුරටත් විමසිල්ලෙන් සිටී.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ හාබර් මාස්ටර් නිර්මාල් සිල්වා මහතා,නියෝජ්‍ය හාබර් මාස්ටර් ලක්ශිත් වසන්ත මහතා ඇතුළු නිළධාරීන් මේ වෙනුවෙන් විශේෂ වෙහෙසක් ගත් අතර ඔවුන්ට මාගේ ගෞරවනීය ස්තුතිය පුද කරමි.

Rohitha abegunawardane FB page

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here