කොවිඩ් හැදී සුව වූ අයට දිව දිගු වීමේ රෝගයක්..හැදුනොත් කතා කරන්න,කෑම කන්න,නිදාගන්න බෑ

0

කොවිඩ් වෛරසය හේතුවෙන් ඇතිව තිබෙන නවතම රෝගී තත්වයක් ඇමරිකාවේ හූස්ටන් නගරයෙන් වාර්තා වනවා.වෛද්යවරුන් පවා පුදුමයට පත්කරමින් ඇතිව තිබෙන මෙම දිව විශාල වීමේ රෝගය කොවිඩ් දිව ලෙසින් හඳුන්වනු ලබනවා.

මෙලෙස දිව විශාල වීමට හේතුව ලෙස පවසන්නේ මැක්ග්රොග්ලෝසියා නම් වූ රෝගයයි.එම රෝගීන් හට ආහාර ගැනීමට,කතා කිරීමට හෝ නිදා ගැනීමේ අපහසුතා ඇතිවී තිබෙනවා.එමෙන්ම අසාධ්ය තත්වයේ පසුවන රෝගීන්ට වෙන්ටිලේටර් යන්ත්ර පවා සවිකිරීමට අපහසු බව වෛද්යවරුන් පවසනවා.

වෛද්යවරුන් අනුමාන කරන්නේ කොවිඩ් ප්රතිශක්තිකරණ පද්ධතිය ආශ්රිතව ඇතිකරන දුර්වලතාවය හේතුවෙන් මෙම රෝගය ව්යාප්ත වීමට පටන් ගෙන ඇති බවයි. ඇමරිකාවෙ මේ වනවිට මෙම රෝගයෙන් නව දෙනෙකු වාර්තා වනවා.මෙම සියලු දෙනාම කොවිඩ් රෝගය ආසාදනය වී එයින් මිදුනු අය වීම විශේෂත්වයක්.

Florida COVID patient with enlarged tongue treated in Houston | khou.com

Florida COVID patient with enlarged tongue treated in Houston | khou.com

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here