පැය 12 ඇතුලට එන්නත් ප්‍රශ්නය විසදුවෙ නැත්තන් හෙට 7.30 ඉදල කොවිඩ් රාජකාරි වලින් ඉවත්වෙනව

0

බස්නාහිර පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල විස්සක් තුලදී රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංඟමයේ එක සාමාජිකයෙකුගේ නෑදෑයින් පස් දෙනෙකුට කොවිඩ් එන්නත් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය ඊයේ ගෙන ඇති තීරණය ගැන දැඩි අ ප්‍රසාදයට පළකරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංඟමේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරනවා.

ඔහු පවසන්නේ කොවිඩ් රාජකාරි වල නියුතු සියලු කාර්ය මණ්ඩලද අවදානමට ලක්වී ඇති බවත් ඔවුන්ටත් ඔවුන්ගේ නිවෙස් තුළට ගමන් කිරීමේ නොහැකි වී ඇති බවත් ඔවුන්ගේ නිවැසියන්ද ආරක්ෂා කරගත යුතු බවයි.

එමෙන්ම මහජනතාව සමඟ ගැ ටෙන තවත් විශාල පිරිසක් ඇති බවත් ඔවුන් සඳහාවත් මේ වනතුරු එන්නත් ලබාදී නැති බවත් උපුල් රෝහණ මහතා පවසනවා.

මේ නිසා රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංඟමයේ සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල අයවලුන් පමණක් රැකීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය ගෙන ඇති මෙම තීරණයට දැඩි ලෙස අ ප්‍රසාදය දක්වමින් එම එන්නත් ලබාදීමේ වැඩසටහනකට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සම්බන්ධ නොවූ බවයි.

මේ හේතුව නිසා පැය 12 ඇතුලත අනෙකුත් කාර්ය මණ්ඩල වල සියලූම සාමාජිකයින්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට එන්නත් ලබා දීමේ නිසි වැඩපිළිවෙළක් සකස් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර නොගන්නේ නම් තම සංඟමය සමඟ සිටින සියලූම වෘත්තීය සමිති නියෝජිතයින් හෙට උදෑසන 7.30 සිට කොවිඩ් රාජකාරි වලින් වැලකී සිටීමට තීරණය ගෙන ඇති බවද උපුල් රෝහණ මහතා කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here