අවුරුදු 103 මාතාව කොවිඩ් නිව්මෝනියාවෙන් ජී විතක්ෂයට

0

වයස අවුරුදු 103ක එක්දරු මවක් කොවිඩ් නිව්මෝනියාවෙන් මි ය ගොස් ඇති බැව් රත්ගම හදිසි ම රණ පරීක්ෂක ඩී.එම්.ඒ . සාගරිකා නිල්මිණි මහත්මිය සදහන් කළාය.

මෙම මව ගිණිමැල්ලගහ දකුණ ප‍්‍රදේශයේ පදිංචිකාරියකි. ඇය මීට මාස දෙකක පමණ කාලයක සිට රෝගී තත්වයෙන් සිට ඇති අතර දියර ආහාර පමණක් ගෙන ඇත. මීට දින දෙකකට පමණ පෙර මෙම කාන්තාවට උණ රෝගය වැළදී ඇති අතර 22දා නිවසේ දී  මි ය ගොස් ඇත. ම ළ සිරුර කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙනවිත් කරනු ලැබූ පී.සී.ආර්. පරීක්ෂණයේ දී මෙම මවට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇත.

මි ය ගිය අයගේ පශ්චාත් ම රණ පරීක්ෂණය ඊයේ (23) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි සමාධි දන්දෙණියආරච්චි මහත්මිය විසින් සිදුකරනු ලැබීය.

ඉදිරිපත් වු සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් ම රණ පරීක්ෂකවරිය කොවිඞ් නිව්මෝනියාවෙන් ම ර ණය වී ඇති බවට තීන්දු කළේය.

ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි ගාල්ල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here