කොරෝනා හැදුණු අයට හැදෙන අලුත් ලෙඩ

0

‘කොවිඩ් 19’ යනු සුලමුල පවා හරිහැටි නොදන්නා, නිසි ප්‍රතිකර්මයක් හෝ රෝගයකි. බි හි සුණු වයිරසයකි.‘කොවිඩ් 19’ ආසාදනය වැළැක්වීමට එන්නත් නිපදවා ඇති අතර, වයිරසයට එරෙහිව දැනට ඇති එකම පිළියම එන්නතය. ‘එන්නත් ලබා ගත්තත් කොරෝන හැදෙනවා’ යනු ඇතැමුන්ගේ අදහසය. එය නිවැරදිය. නියමිත එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන තිබිය දී ආසාදිතයන් හමුවුණු අවස්ථා ද අසන්න ලැබේ. එසේ වුවත්, එන්නත් ගැන විශ්වාසය තැබිය යුතුමය. මේ බිහිසුණු වයිරසයට එරෙහිව නිපදවා ඇති එන්නත් ලබා ගැනීම කළ යුතුමය. නියමිත එන්නත් මාත්‍රා හෝ එක් එන්නත් මාත්‍රාවක් පමණක් හෝ ලබාගෙන ඔබට වයිරසය ආසාදනය වුවත්, සංකූලතා ඇතිවීම අවම වෙයි. ‘කොවිඩ් නියුමෝනියා’ ඇතුළු සංකූලතා රැසකින් ඔබ ආරක්ෂා කිරීමට එන්නත් සමත් වේවි.

කොරෝනා වසංගතය හමුවේ අප හැමෝම කළ යුතු වන්නේ ආසාදිතයකු නොවී සිටීමය. මුහුණු ආවරණ පැලඳීම, සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම, අත් පිරිසුදුව තබා ගැනීම කොරෝනා පැරදීමට හැකි හොඳම ක්‍රමයයි. එන්නත් ලබා ගත්ත ද මෙම සෞඛ්‍ය පුරුදු පිළිපැදිය යුතුමය. කොරෝනා ආසාදියකු බව තහවුරු වන්නේ පී.සී.ආර්. හෝ රැපිඩ් ඇන්ටජන් පරීක්ෂණයකින් ‘පොසිටිව්‘ වීමෙනි. පී.සී.ආර්. පරීක්ෂණවලට ‘පොසිටිව්‘ නොවන කොරෝනා ප්‍රභේද හමුවී ඇති බව ද මෙහිදී මතක තබා ගත යුතුය. එමෙන්ම කිසිදු රෝග ලක්ෂණයක් නොමැති ඔබ, ඔබට නොදැනුවත්වම කොරෝනා ආසාදිතයකු විය හැකිය.

මහා බ්‍රින්‍යයේත්, ඇමෙරිකාවේත් වෛද්‍යවරුන්ට අනුව, කොරෝනා සුවවීම යනු පී.සී.ආර්. පරීක්ෂණය ‘නෙගටිව්’ වීම නම් නොවෙයි. කොරෝනා ආසාදිතයන් වී, පී.සී.ආර්. පරීක්ෂණය ‘නෙගටිව්’ වූ පුද්ගලයන් මාස ගණනකට පසු නොයෙක් නොයෙක් රෝගාබාධවලට ලක් වී ඇතැයි ඇමෙරිකාවෙන් සහ මහා බ්‍රිතාන්‍යයෙන් නිරන්තරයෙන් වාර්තා වෙයි. කොරෝනා ආසාදනය වී සුවය ලබනවාට වඩා මැ රෙ නවා සැපයි’ යන්න බිත්‍රාන්‍ය වැසියන් බොහෝ දෙනාගේ අදහසය.

කොරෝනා රෝගයේ බි හි සුණු බව කොතරම් ද යන්න අපට අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වෙයි. ඒ, කොරෝනා සුවය ලැබූවන් ‘කළු දිලීරය’ නමින් හැඳින්වෙන දිලීර ආසාදනයට ලක් වීමත් සමඟය. ‘කළු දිලීරය’ හිටිහැටියේ පහළ වූ නව රෝගයක් නොවෙයි. මෙම දිලීරය (පුස්) අප අවට පරිසරයේ ඇත.

කොරෝනා වසංගතයට පෙර සිටි කළු දිලීරය’ ආසාදනය වූ ආසාදිතයන් හමුවී තිබේ. කෙසේ නමුත් ඉන්දියාවේ, කොරෝනා ආසාදනය වී සුවය ලැබූවන් අතරේ කළු දිලීරය’ ආසාදන බහුලව දකින්න ලැබේ. එය වසංගතයක් තෙක් දුරදිග ගොසිනි. කොරෝනා වයිරසය නිසා සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට එල්ල වන හානිය නිසා ‘කළු දිලීරය’ ආසාදනය වීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කර ඇත.

ඉන්දියාවෙන් ‘කළු දිලීර’ වසංගතයක් අසන්න ලැබෙද්දී, ඇමෙරිකාවේ කොරෝනා සුවවූවන් අතරේ ‘කොවිඩ් දිව’ යනුවෙන් නම් කළ රෝගී තත්ත්වයක් ගැන අසන්න ලැබේ. මෙය ඉතාමත් බි හි සුණු තත්ත්වයකි. අපට මෙම රෝගී තත්ත්වය ගැන හිටිහැටියේ අසන්න ලැබුණත්, ‘කොවිඩ් දිව’ ගැන ඇමෙරිකන් වෛද්‍යවරුන්ට පළමුවෙන් අසන්නත් දකින්නත් ලැබුණේ පසුගිය වසරේ නොවැම්බරයේය. ඒ, දිව ඉදිමී විශාල වුණු රෝගීන් දෙදෙනකු හූස්ටන් නුවර යූ.ටී. හෙල්ත් රෝහලට ඇතුළත් කිරීමත් සමඟය. ඉන්පසු පසුගිය ජනවාරිය වෙද්දී, මෙවැනි දිව ඉදිමී විශාල වුණු තවත් රෝගීන් 11 දෙනකු වාර්තා විය. මේ සියලු‍ දෙනා කොරෝනා ආසාදනය වී සුවය ලැබූවන්ය. එම 11 දෙනාගෙන් දෙදෙනකු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිද්දී හෘදයාබාධවලට ලක් වුණු බව පැවැසෙයි. රෝගීන් 11 දෙනා අතරින් 10 දෙනකු කළු ජාතිකයන් වීම ද විශේෂත්වයකි.

කොවිඩ් දිව’ රෝගී තත්ත්වයට මුහුණ දුන් බොහෝ දෙනකුට දිව ඉදිමීම නිසා කතා කිරීමට හෝ ආහාර පාන ගැනීමට හෝ නොහැකි වුණු අතර, බටයක ආධාරයෙන් දියර ආහාර ලබා දීම සිදුවිය. කිහිප දෙනකුට සැත්කම් කිරීමට පවා වෛද්‍යවරුන්ට සිදුවිය. දිව ඉදිමී විශාල වීම ඉතා දුර්ලභ රෝගී තත්ත්වයක්. සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට එල්ල වන බලපෑම් නිසා එහෙම වෙනවා. ඒත් කොරෝනා වසංගතය හමුවේ, කොරෝනා ආසාදනය වී සුවය ලැබූවන් අතරේ මෙම තත්ත්වය බහුලව දකින්න ලැබෙනවා. ඒක ගැටලු‍වක්. කොරෝනා වයිරසයෙන් එක් එක් තැනැත්තාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට මොන ආකාරයකට බලපෑම් එල්ල වෙනවා ද හරියටම කියන්න බැහැ. ඒකයි කොරෝනා වයිරසය ගැන ඔබ බිය වෙන්න ඕනෑ’ යැයි ‘කොවිඩ් දිව‘ රෝගීන්ට ප්‍රතිකාර ලබා දෙන හූස්ටන් යූ.ටී.හෙල්ත් රෝහලේ වෛද්‍ය ජේම්ස් මෙල්විල් පැහැදිලි කරයි

ඇසක වේදනාවකින් පෙළුණු බටහිර දිල්ලියේ පදිංචි 32 හැවිරිදි ව්‍යාපාරිකයකු, ශ්‍රී ගංගා රාම් රෝහලට ඇතුළත් කෙරුණේ පසුගිය 2020 නොවැම්බරයේ 20 වැනිදාය. උගුර, කණ, නාසය සම්බන්ධ විශේෂඥ වෛද්‍ය මනීෂ් මුන්ජාල් හරහා, රෝගියා අක්ෂි ශල්‍ය වෛද්‍ය සහ්ලූ බගේජා හමුවට යොමු කර තිබුණි. ඉදිමුණු ඇස පරීක්ෂා කරද්දී වෛද්‍ය බගේජා මවිතයට පත් විය. ඒ තරුණයා දිලීර ආසාදන තත්ත්වකට ලක් වී සිටීමය. මෙම දිලීර ආසාදන තත්ත්වය අසාමාන්‍ය දෙයක් නොවීය. ඒත් කලාතුරකින් දැකිය හැකි තත්ත්වයකි. වෛද්‍යවරයා පුදුම වූයේ දින දෙකක් ඇතුළත ඔහු ඉදිරියට ආ දෙවැනි රෝගියා මෙම තරුණයා වූ බැවිනි.

ඊට දිනකට පෙර ඇසට කාචයක් දැමීමට වෛද්‍යවරයා හමුවට ආ කාන්තාවකට ද මෙම දිලීරය ආසාදනය වී තිබුණි. ආසාදන තත්ත්වය ඔඩුදුවා තිබුණු බැවින් කාචය දැමීම කළ නොහැකි වුණු අතර, ඇස ඉවත් කර කාන්තාවගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරයා කටයුතු කළේය. එම කාන්තාවගේත් 32 හැවිරිදි තරුණයාගේත් සමානකමක් විය. ඒ ඔවුන් දෙදෙනාම ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලැබූවන් වීමය.

අද ඉන්දියාවෙන් වාර්තාවන ‘කළු දිලීරය’ ආසාදන තත්ත්වය මෙයයි. මෙම දිලීරය මියුකෝමයිකෝසිස් ය. දෙවැනි කොරෝනා රැල්ලෙන් දරුණු ලෙස බැට කන ඉන්දියාවේ කොරෝනා සුවවූවන් අතරේත් කොරෝනා ආසාදිතයන් අතරේත් මෙම දිලීර ආසාදනය දැකිය හැකිවෙයි. ‘කළු දිලීරය’ හේතුවෙන් ඉන්දීය සෞඛ්‍ය අංශ වසංගත තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර ඇත. ඒ දිලීරය ආසාදනය වූ දහසකට වැඩි පිරිසක් හමුවීමත්, එයින් 100 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වීමත් නිසාය. කොරෝනාවෙන් බැටකන ඉන්දියානුවන් කබලෙන් ලිපට ඇද දැමීමට කළු දිලීරය සමත් විය.

‘කළු දිලීර’ ය මුල්කොට ගනිමින් වසංගත තත්ත්වයක් පළමුවෙන්ම ප්‍රකාශයට පත් කළේ ඉන්දියා රාජස්ථාන ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන්ය. ඒ පසුගිය මැයි 19 වැනිදාය. ඉන්පසු හර්යානා, තමිල්නාඩු, තෙලංගානා, ගුජරාටය සහ බිහාරයෙන් ද කොරෝනා ආසාදනය වී සුවය ලැබූවන් කළු දිලීරයේ ගොදුරක් විය.

‘දිලීර’ කියන්නේ පුස්. කළු දිලීරය නමැති රෝගී තත්ත්වයට හේතු වන්නේ මියුකෝමයිකෝසිස් පුස් වර්ගයයි. මේවා අප අවට වටපිටාවේ තියෙනවා. අවට පරිසරයේ ඇති මේ දිලීර බීජාණු සාමාන්‍යයෙන් සයිනස් සහ පෙනහළුවලට බලපෑම් කරනවා. ඒක සාමාන්‍ය දෙයක්. අපිරිසුදු ජීවන රටාව නිසා මෙය සිදුවන්නේ. කෙසේ නමුත් කොවිඩ්-19 රෝගය හේතුවෙන් කළු දිලීරයේ ව්‍යාප්තිය ඉතා වැඩියි. අඩු අය ඉක්මණින් මේ දිලීරයට ගොදුරු වෙනවා. කොරෝනා ආසාදනය වී සුවය ලැබූවන්ගේ ප්‍රතිශක්තිය අඩුවී යන අවස්ථා තිබෙනවා. එපමණක් නොවෙයි, කළු දිලීරයට වැඩි අවදානමක් ඇත්තේ දියවැඩියාව, වකුගඩු ආබාධ, පිළිකා සහ ආමාශ ආශ්‍රිත රෝග ඇති පුද්ගලයන් යැයි මේ වනවිට හඳුනාගෙන තිබෙනවා යැයි නවදිල්ලියේ ප්‍රධාන වෛද්‍ය විශේෂඥයෙකු වන අමරින්දර් සිං මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.

කළු දිලීරය ආසාදිතයකුගෙන් තවත් කෙනෙකුට බෝ වන්නේ නැහැ. අපිරිසිදු අයුරින් මුහුණු ආවරණ පළඳින්නේ නම් හෝ එකම මුහුණු ආවරණය පිරිසුදු නොකර පළඳින්නේ නම් හෝ කළු දිලීරය සිරුරට ඇතුළු වෙන්න පුළුවන් යැයි දිල්ලි වෛද්‍යවරයා වැඩි දුරටත් කියා සිටී.

කළු දිලීරය ආසාදනය වූ සැණින් එය හඳුනාගතහොත් ‘ඇම්ෆොටෙරිසින් බී’ නමැති දිලීර නාශක ඖෂධ භාවිත කරමින් එය මර්දනය කර හැකිය.ආසාදනය ඔඩුදුවා ඇතිනම් මොළයට හානි වීමක් සිදුවිය හැකිය. එය මරණයට හේතුවක් වෙයි. ආසාදනය ඔඩුදුවා ඇති අවස්ථාවලදී ඇස් පමණක් නොව නාසය පවා සැත්කම් මගින් ඉවත් කර රෝගීන් බේරා ගැනීමට වෛද්‍යවරුන් පියවර ගෙන ඇති බව ද වාර්තා වේ.එසේ සැත්කම් කළත් රෝගීන් බේරා ගැනීමට නොහැකි වන අවස්ථාවාර්තා වේ.

දිලීරයට එරෙහිව ලබා දෙන ‘ඇ ම්ෆො ටෙරිසින් බී’ දිලීර නා ශක හිඟයක් ද ඉන්දියාවෙන් වාර්තා වෙයි. මේ හේතුව නිසා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ රජය තවත් ජනතා අප්සාදයට පත් වී ඇත.

ලුසිත ජයමාන්න..ඇමෙරිකා හා ඉන්දීය මාධ්‍ය වාර්තා ඇසුරිනි..ලංකාදීප

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here