නගරාධිපතිට කේක් කැපීමට ආරාධනා කළේ මමයි..ඕනෑම තැනක රාජකාරි කිරීමට සූදානම්..කුරුණෑගල ඒඑස්පී කියයි

0

කුරුණෑගල නගරාධිපති වරයාට කේක් කැපීමට ආරාධනා කළේ තමා බව සහකාර පොලිස් අධිකාරි සමන් දිසානායක මහතා ‘‘දිවයින’’ට පැවසීය.

ඒ හේතුවෙන් ස්ථාන මාරුවක් ලැබුණද තමා දිවයිනේ ඕනෑම ස්ථානයක රාජකාරි කිරීමට සූදානම් බවත් හෙතෙම සඳහන් කළේය.

කුරුණෑගල පොලිසිය විසින් සංවිධානය කරන ලද මෙම උත්සවයට ආරාධිතයන් ලෙස සහභාගි වූයේ නගරාධිපතිවරයාත්, ඔහුගේ බිරිඳ සහ ඉඩම් ව්‍යාපාරිකයකු පමණක් බවත් එය ආවරණය කිරීමට මාධ්‍යයටද ඇරයුම් කළ බවත් සහකාර පොලිස් අධිකාරි සමන් දිසානායක මහතා කියා සිටියේය.

නගරාධිපති තුෂාර සංජීව මහතාට මෙම උත්සවයට ආරාධනා කළේ හදිසියේම බවත් එහිදී කේක් කපන බව ඔහු දැන නොසිටි බවත් පැවසූ ඒ මහතා පොලිස් නිලධාරියකු ලෙස තමන් ඕනෑම ප‍්‍රදේශයක රාජකාරි කිරීමට සූදානම් බවද වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම සිය උපන් දිනය වෙනුවෙන් පොලිසියේ ඉල්ලීමට කේක් කැපීමේ සිද්ධිය සම්බන්ධ පුවත නිසා තමා ඉදිරියේදී දේශපාලනයෙන් ඉවත්වීමට අදහස් කරගෙන සිටින බව කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව මහතා ‘‘දිවයින’’ට ඊයේ (01 දා) පැවසීය.

එම අවස්ථාවට සීමිත පිරිසක් සහභාගී වූ බවත් බොහෝ දෙනකු පිරිත් ශ‍්‍රවණය කරනු ලැබුවේද නිවෙස්වල සිට බවත් හෙතෙම සඳහන් කළේය.

එහිදී සිය උපන්දිනය නිමිත්තෙන් කේක් කපන්නැයි පොලිසිය කළ ඉල්ලීම මත තමා කේක් කැපූ බවත් එම අවස්ථාවට කිහිපදෙනකු පමණක් සහභාගිවූ බවත්
නගරාධිපතිවරයා කියා සිටී.

එහෙත් එම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට ඇතිවී තිබෙන තත්ත්වය අනුව තමාට දේශපාලන ද එපා වී ඇතැයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය

නෝමන් පලිහවඩන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here