නීති කැඩූ පොලිස් ලොක්කාගේ බිරිදගේ සිද්ධිය ගැන මාධ්‍යට කියූ නිලධාරියා ගැන පරීක්ෂණ.

0

කොළඹ, මරදාන ආනන්ද විද්‍යාලය අසල මංසන්ධියේ පොලිස් මාර්ග බාධකය අසලින් ව්‍යායාම සදහා ගමන් ගත් කොළඹ ප්‍රදේශය භාර පොලිස් ප්‍රධානියකුගේ බිරියකට බාධා කළේ යැයි පවසා කොස්තාපල්වරයකු වෙනත් පොලිස් මුරපොළකට මාරු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යයට තොරතුරු ලබාදුන් නිලධාරියා සොයා සහකාර පොලිස් අධිකාරිවරයකුගේ
ප්‍රධානත්වයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි උසස් පොලිස් නිලධාරියකු පැවැසීය.

ඒ අනුව මරදාන පොලිසියේස්ථානාධිපති ලෙස කටයුතු කරන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා පාලන අංශයේ ස්ථානාධිපතිවරයා මෙම විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ඇතුළු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් තිදෙනකුගෙන්, උප පොලිස් පරීක්ෂකවරයකුගෙන් මෙන්ම පොලිස් නිලධාරීන් දස දෙනකු
පමණ සහකාර පොලිස් අධිකාරි කාර්යාලය වෙත කැඳවා ප්‍රකාශ ලබාගෙන ඇතැයි එම නිලධාරියා කීය.

ඉකුත් මස 28 වැනි දින මරදාන – බොරැල්ල මාර්ගයේ ආනන්ද විද්‍යාලය අසල මංසන්ධියේ පොලිස් මාර්ග බාධකය අසලින් ගමන් කිරීමට පැමිණ තිබූ පොලිස් ප්‍රධානියාගේ බිරිය අමතා සංචරණ නීති පනවා ඇති හෙයින් ගමන් කිරීමට ඉඩ ලබාදිය නොහැකි බවටත් එම ස්ථානයේ රාජකාරියේ සිටි
කොස්තාපල්වරයකු පැවැසීමෙන් අනතුරුව එම කාන්තාව පොලිස් කොස්තාපල්වරයාට බැ න වැ දී තම ස්වාමිපුරුෂයා වූ පොලිස් ප්‍රධානියාට ජංගම දුරකථන ඇමැතුමක් ගෙන ඔහු
කතා කරන හඩ කොස්තාපල්වරයාට ඇසීමට සලසා තිබිණි.

ඒ අවස්ථාවේදී පොලිස් ප්‍රධානියා ජංගම දුරකථන හරහා පොලිස්කො ස්තාපල්වරයා අමතා ඔහු කවුදැයි හඳුන්වාදී “ඔය ඉන්නේ මගේ වයිෆ් ඕ යි එයාට ජොගින් යන්න දෙනවා”යැයි පවසා තිබිණි.

සිද්ධිය වී මඳ වේලාවකිත්තුළදී කොස්තාපල්වරයා කිලෝමීටරයක්
පමණ ඈතින් වූ පුංචි බොරැල්ල හන්දිය පොලිස් මුරපොළ වෙත මාරුකර තිබූ අතර පැය තුනක් පමණ කාලයකට පසුව නැවත ආනන්ද හන්දිය පොලිස් මුරපොළ වෙත මාරු කර තිබිණි.

රාජකාරි යෙදී සිටි කොස්තාපල්වරයාට බැ න වැදී සංචරණ නීති කඩ කිරීමට බල පෑම් එල්ල කර කිලෝමීටරයක් පමණ ඈතින් වූ වෙනත් පොලිස් මුරපොළකට මාරු කර යැවීමට පිඹුරුපත් සැකසූ පොලිස් ප්‍රධානියා පිළිබඳ විමර්ශනය කර පියවරක් ගැනීම පසෙකලා මාධ්‍යයට තොරතුරු ලබා දුන් නිලධාරියා සෙවීම “හේන මුවන් කෑ විට ගෙදර මුව හමට ත ඩි බෑ ම” වගේ වැඩක් යැයි උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.

මව්බිම

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here