400 ක පිරිසක් සමඟින් තවත් දැවැන්ත නැවක් මුහුද මැද ගි නි ගනී

0

ඉරාන නාවික හමුදාවට අයත් දැවැන්තම යුද නෞකාව වන “කාත්”නම් නෙකාව, හදිසි ගින්නක් හටගැනීමෙන් අනතුරුව මුහුදේ ගිලී තිබෙනවා.

මෙම නෞකාව ගිලී ඇත්තේ ඕමාන් බොක්ක අසළදී බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.ඉරාන මාධ්‍ය වාර්තා අනුව ඊයේ (01) පස්වරුවේ කාග් නම් මෙම නෞකාව හැක්කේ වරාය අසළ පුහුණු මෙහෙයුමක නිරතව සිටියදීයි අනතුරට පත්ව ඇත්තේ.

ගින්න මැඩ පැවැත්වීමට ගි නි නිවන
භටයින් කොපමණ උත්සහ දැරුවත් එය
සාර්ථක වී නැහැ.පැය 20ක මෙහෙයුම් අඩාල වීමෙන් අනතුරුව අද උදෑසන මෙම දැවැන්ත නෞකාව හෝමුස් සමුදු සන්ධිය ආසනයේ ගිලී තිබෙනවා.

ගින්න ආරම්භ වූ අයුරු තවමත් අනාවරණය වී නොමැති අතර ගින්න හට ගන්නා අවස්ථාවේදී නෞකාවේ කාර්ය මණ්ඩලය සහ සිසුන් 400ක් පමණ සිටි බව සඳහන්.

ඉරාන මාධ්‍ය සඳහන් කරන්නේ නැවියන් විසි දෙනකුට පිළිස්සුම් තුවාල ඇති වූ නමුත් කිසිවෙකුට බරපතළ තුවාල සිදුව නොමැති බවයි.

කෙසේවෙතත් ගිනි ගැනීමට ලක් වූ නෞකාව ඡායාරූප මේ වන විටත් සමාජ මා තුළ සංසරණය වෙමින් පවතිනවා.

කාත් ඉරානය සතු දැවැන්ත නෞකා වල අතර මෙය ඉරානයට සිදු වූ දැවැන්තම ව්‍යස නය බවයි ඩේලිමේල් සඳහන් කරන්නේ.

ගින්න හටගත් නෞකාව තුල අධිවේගී මිස යිල ප්‍ රහා රක යාත්‍රා හතක් පමණ තිබූ බවත් සඳහන්.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here