ව්‍යාජ ලිපි පෙන්වා කොළඹට ඇතුළු වන අයට වසර 5ක සිරදඩුවම් – ලිපි නිකුත් කළ ආයතන ප‍්‍රධානීන්ටත් දඩුවම්.

0

කොළඹ රැකියා කටයුතු කරන ස්ථානවලට තමා කැඳවා ඇතැයි ව්‍යාජ කැඳවීමේ ලිපි පෙන්වමින් කොළඹ නගරය ඇතුළු තදාසන්න නගරවලට පැමිණෙන පුද්ගලයන්ට නිරෝධායන නීති කඩකිරීමේ චෝදනාව යටතේ වසර පහක් දක්වා සිර දඬුවම් ලබාදීමේ නීති ප‍්‍රතිපාදන ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ”දිවයින”ට පැවැසීය.

මෙම පිරිස් ඉදිරිපත් කරන ආයතනවලින් නිකුත් කළ බව කියන සියලූම ලිපි ජංගම දුරකථනවලින් මාර්ග රාජකාරී කටයුතු කරන පොලිස් නිලධාරීන් විසින් ඡයාරූප ගෙන ඇති බවත්, පසුව රාජකාරී කරන ස්ථානවල මෙම පිරිස් රැකියා කරනවාද යන්න ගැන සොයා බලන බවත්, ඔවුන් එම ස්ථානවල නොසිටියහොත් එම ආයතන ප‍්‍රධානීන්ට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බවත් හෙතෙම කියා සිටියේය.

මෙයට අමතරව එලෙස නිරෝධාන නීති කඩකරන පුද්ගලයන් සම්බන්ධයෙන් රුපියල් පනස්දාහක දඩ මුදලක්ද පැනවීමට හැකි බව හෙතෙම කියා සිටියේය.

නිරෝධාන නීති කඩකරන්නන්ට එරෙහිව ඉදිරියේදී දැඩි ක‍්‍රියාමාර්ග ගන්නා බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.ව්‍යාජ සේවා කැ`දවීමේ ලිපි යොදා ගනිමින් විශාල පිරිසක් කොළඹ නගරයට මැයි 31 වැනිදා ඇතුළු වී ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here