ෆේස්බුක් එකේ තිබූ කොරෝනා බෙහෙතක් බිව්ව ගම්පහ ගමක්ම ලෙඩ වෙයි

0

ෆේස්බුක් හි පලවූ බෙහෙතක් අත් හදා බැලීමෙන් ගම් වැසියන් බොහෝ දෙනෙකු අසනීප විමේ පුවතක් ගම්පහ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

කොරෝනා රෝගයට සුදුසු යැයි පලව තිබූ එම බෙහෙත ඔවුන් දින හයක පමණ කාලයක් තිස්සේම පානය කර ඇති අතර ,වැඩිහිටියෙකු පවසා ඇත්තේ මෙම බෙහෙතෙන් සිරුරේ සීනි මට්ටම පාලනය කරන බවත් එම නිසා වැඩිපුර සීනි ආහාරයට ගන්නා ලෙසත් ය.

එහෙත් ඒ පිළිබඳව නොතකමින් මොවුන් බෙහෙත සාදා පානය කර ඇති අතර ක්ලාන්තය,ඔක්කාරය වැනි රෝග ලක්ෂණ මතුව ඇත්තේ ඉන් පසුව බවයි මවුරට වෙබ් අඩවියට වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here