එකම තැන සිටි ‘කොවිඩ් රෝගීන් පහක්’ එකම දින මි ය ගිහින්..අවුරුදු 35ක අයෙකුත් ඒ අතර

0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ‘මෙත්සිරි සෙවණ’ කොරෝනා ප‍්‍රතිකාර මධ්‍යස්ථානයේ ප‍්‍රතිකාර ලැබූ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් පස්දෙනෙකු පෙරේදා (01) දිනය තුළදී ම ර ණයට පත්ව ඇති බව වාර්තා වනවා.

ගල්ගමුව යාය 05 , කහටගස්දිගිලිය මෙගොඩවැව, වැලිඔය කල්‍යානපුර, නොච්චියාගම යන ප‍්‍රදේශවල පදිංචිව සිටි අවුරුදු 61, 74, 35, 65 වයස් කාණ්ඩවල පුද්ගලයන් සිව් දෙනෙක් සහ හිරිපිටියාව ප‍්‍රදේශයේ පදිංචිව සිටි 56 හැවිරිදි කාන්තාවක් මෙසේ මි ය ගිය පිරිසට අයත් වනවා.

මෙලෙස මි ය ගිය සියලූදෙනාගේ මෘ ත දේහයන් පෙරේදා (01) දිනය තුළදී අනුරාධපුර ‘නිසල නිම්නය’ පොදු සුසාන භුමියේ ආදාහනාගාරයේදී ආදාහනය කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here