පළමු තරඟයේ පළමු දිනයේම ඉතිහාසගතවූ නවසීලන්තයේ කොන්වේ (VIDEO)

0

ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ ක්‍රීඩා
කිරීම ඕනෑම ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ සිහිනයක්.ඉනුත් පිතිකරුවෙක් නම් ශතකයක්, පන්දු යවන්නෙක් නම් කඩුලු 05ක් දවාගැනීම ක්‍රීඩකයෙකුගේ සිය ක්‍රීඩා දිවියේ සදා නොමැකෙන සලකුණක්.

එවන් සුවිශේෂී අවස්ථාවක් උදාකර ගැනීමට නවසීලන්තයේ ඩෙවොන් කොවේ ඊයේ (02දා) සමත් විය.සංචාරක නවසීලන්ත කණ්ඩායමේ එංගලන්ත
සංචාරය ආරම්භ කරමින් ඓතිහාසික
ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ ආරම්භ වූ තරග
දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ,පළමු පළමු දිනය නිමාවන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්ත කණ්ඩායම කඩුලු 03ක් දැවී ලකුණු 246ක් රැස්කරගෙන සිටියේ.

මෙහිදී නවසීලන්ත ඉනිමට වැඩි ගෞරව රැගෙන ආ ඩෙවෝන් කොන්වේ, ආරම්භක පිතිකරුවෙකු ලෙස පිටියට පිවිස දිනය නිමා වනවිටත් කඩුල්ලේ රැඳී සිටිමින් නොදැවී ලකුණු 136ක් රැස්කරගෙන සිටියේය. පන්දු 240කට මුහුණදී සිටි ඔහුගේ ඉනිමට හතරේ පහර 16ක් ඇතුළත් විය.

උපතින් දකුණු අප්‍රිකානු ජාතිකයෙකු වන කොන්වේගේ පළමු ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගය මෙය වන අතර, ඒ අනුව සිය මංගල ටෙස්ට් ශතකය ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගනයේදීම ඔහුට වාර්තා කිරීමට හැකිවීම සුවිශේෂී වෙයි.

මෙම ඉනිමත් සමඟ මංගල ටෙස්ට් තරගයේදී ශතකයක් වාර්තා කළ 12 වැනි නවසීලන්ත පිතිකරුවා ලෙසත්, වසර 207(වර්ෂ 1840ක අතීතයක් ඇති ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ එම දක්‍ෂතාව දැක්වූ 06 වැනි පිතිකරුවා ලෙසත් ඔහු ඉතිහාස ගතවිය.

ලෝඩ්ස්  පිටියේ ලබාගන්නා සෑම ශතකයක්,සෑම කඩුලු 05 අවස්ථාවක්ම ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ ගෞරවණීය ක්‍රීඩකයන්ගේ (Lord’s honours boards) ඇතුළත් කරනු ලබයි. ඒ අනුව මංගල
තරගයේදීම මෙම දක්‍ෂතාව දැක්වීම
හේතුවෙන් ඔහුගේ වටිනාකම තවදුරටත් වැඩිවනු ඇත.

ලොව ක්‍රිකට් ක්‍රීඩාංගණ අතරින් ලෝඩ්ස්
ක්‍රීඩාංගණයට සුවිශේෂී ස්ථානයක් හිමිවන අතර, ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ඉදිකළ පළමු ක්‍රීඩාංගණය මෙය වන බැවින් ලෝස් ක්‍රීඩාංගණය ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර” ලෙස හඳුන්වනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here