වැඳලා කියන්නම් කොවිඩ් ප්‍රභේද රටවලින් සංචාරකයන් එපා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා

0

”වැඳලා කියන්නම් කෝවිඩ් ප්‍රභේද තියෙන රටවලින් සංචාරකයෝ ගෙන්වන්න එපා“ යැයි සංචාරක ඇමැතිවරයාගෙන් බැගෑපත්ව ඉල්ලා සිටින බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා පවසයි.

මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමින් පසුගියදා මහාචාර්යවරයා මේ බව ප්‍රකාශ කළේය. මහාචාර්යවරයා මෙසේද පැවැසීය.

“ගුවන් තොටුපොළ ඇරලා තියෙනවා. වැඳලා කියන්නම් ප්‍රභේද තියෙන රටවලින් ගෙන්නන්න එපා. හැබැයි දකුණු අප්‍රිකාව ඒ ලිස්ට් එකට දාලා නෑ. ඇත්ත වශයෙන් ම රෙඩ් ලිස්ට් එකක් කියලා තියෙනවා හුඟක් රටවලට. ඒ ලිස්ට් එකම අපිටත් පාවිච්චි කරන්න පුළුවන්. අනෙත් එක තමයි උදාහරණයක් වශයෙන් එංගලන්තය, චීනයේ රටවල මිනිස්සුන්ට මේක නෑ. එංගලන්තේ ඔක්කෝම එන්නත් කරලා තියෙන්නේ. ඒ රටවලින් විතරක් සංචාරකයින් ගේන්න දැනට. අනෙක් රටවලින් ගේන්න එපා කියලා බැගෑපත්ව ඉල්ලීමක් කරනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here