කොරෝනා සුවවී නිවසට ආ සිව්දරු මව සහ එක්දරු පියා කොරෝනාවෙන් ම රු දකී

0

කොරෝනා වෛරසය ආසාදනය වී සුව වීමෙන් පසු නිවෙස්වලට ගොස් සිටි සිව් දරු මවකට හා එක් දරු පියෙකුට නැවත කොරෝනා වයිරසය ආසාදනය වී කොවිඩ් නිව්මෝනියාවෙන් මි ය ගොස් ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පැවති පශ්චාත් ම ර ණ පරීක්ෂණයකදී අනාවරණය විය.

මි ය ගොස් ඇත්තේ හික්කඩුව වවුලගොඩ පදිංචි 73 හැවිරිදි වියේ පසුවන සිව්දරුමවක් හා බූස්ස ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි වියේ පසුවන එක් දරුපියෙකි.

සිව්දරු මව කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් පසු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කොරෝනා රෝගීන් සඳහා වෙන්කොට ඇති වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිට මැයි 20 වැන දින සුව වී නිවසට ගොස් ඇත.

ඇයගේ පවුලේ සාමාජිකයින් ද නිරෝධායනයට ලක්කොට ඇත. මෙකී මව නිවසේ සිටියදී හුස්ම ගැනීමට අපහසුවී ඇති අතර නිවැසියන් විසින් 1990 හදිසි ගිලන් රථ සේවාවට දැනුම් දී ඇත. ගිලන් රථය පැමිණෙන විට මව නිවස තුළදී මි ය ගොස් ඇති බැව් හදිසි ම ර ණ පරික්ෂණයේ දී අනාවරණය විය.

බූස්ස ප්‍රදේශයේ පදිංචි එක් දරු පියා වයිරසය ආසාදනය වී වලහන්දුව වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබාගෙන ඇත.

ඔහු 28 වැනිදින එම වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිට සුවය ලබා නිවසට ගොස් ඇති අතර දින 03කට පමණ පසු හුස්ම ගැනීමට අපහසුවීමෙන් නිවස තුළදී මි ය ගොස් ඇත. මි ය ගිය සිව්දරු මවගේ හා එක් දරු පියාගේ හදිසි ම ර ණ පරීක්ෂණය රත්ගම හදිසි ම ර ණ පරීක්ෂක වයි.එම් සාගරිකා නිල්මිණි විසින් සිදුකරණු ලැබීය. පශ්චාත් ම ර ණ පරීක්ෂණය සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි සමාධි දන්දෙණිය ආරච්චි විසින් සිදු කළාය.

ඉදිරිපත් වූ සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් ම ර ණ පරීක්ෂකවරිය කොවිඩ් නිව්මෝනියාවෙන් මෙකී ම ර ණ වී ඇති බවට තීන්දු කළාය.

එච්. එම්. සමන් – අක්මීමන – අරුණ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here