කොරෝනා හමුවේ පවුල් ආරවුල් ඉහළට..දින දහයක් තුළ 160 ක් රෝහලේ

0

පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ රටටම සංචරණ සීමා පැනවූ මැයි 25 වැනිදා රාත‍්‍රී 11.00 සිට මේ දක්වා කාලය තුළ නිවෙස් තුළ ඇතිවූ පවුල් ආර වුල් හේතුවෙන් පුද්ගලයින් 160 දෙනකු කොළඹ ජාතික රෝහලේ හදිසි අ න තුරු අංශයට ඇතුළත් කර ඇතැයි එම රෝහල් ප‍්‍රකාශිකාවක් ‘දිවයින’ට ඊයේ (03 වැනිදා) පැවසුවාය.

මෙම රෝහල්ගත කර ඇති බොහෝ දෙනකු කොළඹ සහ ඒ අවට පදිංචිකරුවන් බව ද ඇය සඳහන් කළාය. රෝහල්ගත කළ අය අතර ගැහැණු, පිරිමි දෙපාර්ශවයම සිටින බවත්, ඔවුන් අවුරුදු 25 ත් 60 ත් අතර වයසේ පසුවන්නන් බවත් ඇය සඳහන් කර සිටියාය.

මේ අතර සංචරණ සීමා පනවා ඇති මෙම කාලය තුළ හදිසි අ න තුරුවලට ලක්වූවන් 1339 දෙනකු කොළඹ ජාතික රෝහලේ හදිසි අ න තුරු අංශයට ඇතුළත් කර ඇතැයි ද ඇය වැඩිදුරටත් කියා සිටියාය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here