පොලීසියට බැනල වැඩක් නෑ..අපි කරන්නෙත් රාජකාරියක් – අජිත් රෝහණ

0

සංචරණ සීමා උල්ලං ඝනය කරන පුද්ගලයන් අත්අඩංගුවට ගන්නේ කොරෝනා රෝගය ව්‍යාප්ත වෙන එක වළක්වන්නයි. පොලිසිය මේ විදිහට හරි ක‍්‍රියානොකළා නම් මේ රට ඉන්දියාවේ තත්ත්වයට යන්න තිබුණා’ යැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඊයේ (03 වැනිදා) පැවැසීය.

සංචරණ සීමා උල්ලං ඝනය කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ නිරත සමහර පොලිස් නිලධාරීන් තමාව පී ඩාවට පත්කරන බවට රියැදුරන් නගන චෝ දනාව සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා එසේ කියා සිටියේය.

මෙහිදී තවදුරටත් කතාකළ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මෙසේද කීය.

සංචරණ සීමා කඩකරමින් ධාවනය කරන වාහන පරීක්ෂාවට ලක්නොකළොත් කොරෝනා ව්‍යාප්තිය වැඩිවෙන්න පුළුවන්. ඒ වගේම කොරෝනා පොකුරු වගේම අනු පොකුරු බිහිවෙන්නත් පුළුවන්.

දැන් අත්‍යවශ්‍ය රාජකාරී කටයුතු සඳහා කියලා හැමෝම ලිපියක් උස්සගෙන එනවා. මේ එන කට්ටිය පරීක්ෂා නොකර යැව්වොත් තමන්ට ඕන ඕන තැන්වල යාවි.එතකොට සංචරණ සීමා පොලිසිය අත්හැරලා ඔහේ හිටියොත් කට්ටියක් හෝටල් වල සාද පවත්වාවි.

තවත් කට්ටියක් පාරේ ක‍්‍රිකට් ගහයි.එතකොට තව කට්ටියක් ගෙදර උපන් දින සාද දාලා බජව් නටයි. තව කට්ටියක් මඟුල් කන්න පුළුවන්.

එතකොට කොවිඩ් පොකුරු ගණනාවක් බිහිවීමේ අවදානමක් තිබෙනවා. මෙන්න මේ තත්ත්වය පාලනය කරන්න තමයි පොලීසිය මහමඟ දිවා රෑ නොතකා වෙහෙසෙන්නේ. අපේ බොහෝ නිලධාරීන් පුදුම කැපකිරීමක් කරනවා.

අපි හැම තිස්සෙම බලන්නෙ මේ තත්ත්වය පාලනය කරගන්නයි. ඒ සඳහා මහජනතාවගෙනුත් සහයෝගය ඉතා අවශ්‍යයි. පොලීසියට බැ නලා වැඩක් නැහැ.පොලීසිය කරන්නෙ රාජකාරියක්.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here