රක්ෂණය කර ඇති නිසා නැවෙන් ගෙවන වන්දිය සීමිතයි – එක්ස්ප‍්‍රස් පර්ල් නැවේ ප‍්‍රධාන විධායක කියයි.

0

එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාව රක්ෂණය කර ඇති නිසා නෞකාව හිමි එක්ස්ප‍්‍රස් පීටර්ස් සමාගමට ගෙවීමට සිදුවන වන්දිය සීමිත බව ප‍්‍රධාන විධායක ෂමුල් යොස්කෝවිට්ස් හෙළි කර ඇත.

සමාගම් ප‍්‍රධාන විධායක ෂමුල් යෝස්කෝවිට්ස් සිංගප්පූරු මාධ්‍ය අමතා මේ බව කියා ඇත. සමාගම රක්ෂණය කර ඇති බව ද ඔහු කීවේය. ඔහු මේ බව හෙළි කළේ සිදුවූ හානිය ගැන වන්දි ගෙවන්නේ ද යයි නැගූ ප‍්‍රශ්නයකට ප‍්‍රතිචාර දක්වමිනි. නැවේ සිද්ධිය නිසා ශී‍්‍ර ලාංකික ජනතාවට සිදුවූ අපහසුතාවය ගැන කනගාටුව පළකරන බව පැවසූ ෂමුල් නැව මුහුදු පත්ලට මුළුමනින්ම යනතුරු බලා සිටීමට සිදුවන බවද කීවේය.

නැව මුහුදු පතුලට ගියාට පසු කළ යුත්තේ කුමක්දැයි අප නිරීක්ෂණය කරනවා. රසායන ද්‍රව්‍ය කාන්දුවීම නිසා නැව ගිනිගෙන ඇතැයි අප සිතනවා යැයි ඔහු තවදුරටත් කීවේය.

පසුගිය කාලය තිස්සේ නැව් සමාගම් මෙවන් අනතුරු ගැන අවධානය යොමු කළත් සිදුවීම් රැුසක් වාර්තා වූ බව ද ෂමුල් පළ කළේය. නැවේ සිද්ධිය නිසා සිදුවූ හානිය තක්සේරු කිරීම දුෂ්කර බව ද ඔහු තවදුරටත් කීවේය.

කීර්ති වර්ණකුලසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here