කොරොනා දේහයක් ආදහනයට ගෙන යමින් සිටි රථයක් ප්‍රපාතයකට පෙරලේ.

0

හැටන් දික්ඔය මුලික රෝහලේ සිට මඩකලපුව ඔට්ටමාවඩි දක්වා හැටන් ප්‍රදේශයේ කොවිඩ් 19 වෛරසය අසාදනය වි මිය ගිය අසාදිතයෙකුගේ සිරුරක් රැගෙන යාමේ ආරක්ෂාවට හැටන් පොලිසියේ නිලධාරින් පිරිසක් ගමන් ගත් වැන් රථය ප්‍රපාතයකට පෙරලිමෙන් එම වැන් රථයේ ගමන් ගත් උප පොලිස් පරික්ෂකවරයෙක් එම ස්ථානයේදිම ජි විතක්ෂයට පත් වි තවත් පොලිස් නිලධාරින් තිදෙනෙක් සහ වැන් රථයේ රියදුරා  ඇතුළු මි ය ගිය අයගේ ඥාති පිරිසක් බරපතල ලෙස තුවාල ලබා වටවල රෝහල වෙත ඇතුලත් කර ඇති බව වටවල පොලිසිය පැවසිය.

අනතුරෙන් මි ය ගොස් ඇත්තේ හැටන් පොලිසියේ සුළු සහ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උපොප එස්.බෙනඩික් (57) නැමති පොලිස් නිලධාරියෙකි.

(05) දින උදැසන 7.30 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල කැරොලයිනා වත්ත ප්‍රදේශයේදිය.

හැටන් ප්‍රදේශයේ කොවිඩ් 19 වෛරසය අසාදනය වි මි ය ගිය අසාදිතයාගේ සිරුර මහනුවරදි යුධ හමුදාව වෙත භාර දිම සදහා ආරක්ෂාවට ගමන් කල පොලිස් නිලධාරින් පිරිසක් සහ මි ය ගිය අයගේ ඥාතින් ගමන් ගත් වැන් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 200 ක් පමණ ප්‍රපාතයට පෙරලි මෙම අනතුර සිදු වි ඇත.

පැවති අයහපත් කාලගුණයත් සමග ධාවනය වෙමින් තිබු වැන් රථය ලිස්සාගොස් මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන හැටන් සහ වටවල පොලිසියේ නිලධාරින් කියා සිටියේ.

මි ය ගිය පොලිස් නිලධාරින් කැගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද හැටන් පොලිසිය පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ – සී නිව්ස් –

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here