දෙවනගල කන්ද නාය යාමෙන් අතුරුදන් වූ එකම පවුලේ සිව්දෙනාගේ සිරුරු සොයා ගනී.

0

මාවනැල්ල, දෙවනගල කන්ද නාය යාම හේතුවෙන් අතුරුදන් වූ එකම පවුලේ මව, පියා, දුව සහ පුත්‍රයාගේ සි රුරු සොයා ගත් බව පොලීසිය පවසයි.ප්‍රදේශයට පැවති මහ වැසි හේතුවෙන් දෙවනගල කන්ද අද(05) උදෑසන නාය ගියේය.

නාය යාමෙන් පසු ගම්වාසීන්ගේ සහය ඇතිව පොලීසිය සහ හමුදාව එක්ව පස් කඳුවලට යටවී සිටි පිරිස සොයා මෙහෙයුමක් ක්‍රියාත්මක කළේය.

එමෙන්ම වරකාපොළ, අල්ගම කන්ද නායයාමෙන් පස් කන්දකට යට වී ජිnවිතක්ෂයට පත් වූ 70 හැවිරිදි පුද්ගලයෙකුගේ සිරුරක් ද යුද හමුදාව විසින් සොයා ගනු ලැබ තිබේ.

එම පවුලේ සෙසු සාමාජිකයින් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට ගම්වාසීන් පියවර ගෙන ඇත.

හමුදා භට පිරිස් අපයහපත් කාලගුණය හේතුවෙන් පී ඩා වට පත් පිරිස්වලට සහන සැලසීමේ සහ මුදා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කරමින් සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here